Last Update  :  2025-06-28 14:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ඇෆ්ගනිස්තානය 3-0 කින් අයර්ලන්තය පරදවයි

ඇෆ්ගනිස්තානය 3-0 කින් අයර්ලන්තය පරදවයි

ශනුක අරවින්ද - 2019 පෙබ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අයර්ලන්තයට එරෙහිව ඉන්දියාවේ රජීව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි විස්සයි20 තරගයෙන් ලකුණු 32 ක ජයක් ලැබූ ඇෆ්ගනිස්තානය, දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 3-0 ක් ලෙස ජය ගැනීමටද සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 211 ක ඉලක්කයක් හඹාගිය අයර්ලන්ත කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 178 ක් පමණි. එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ රෂීඞ් ඛාන් ලකුණු 27 කට කඩුලු 5 ක් දවාගනිමින් අයර්ලන්ත කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කර දැමුවේය.

මුලු ලකුණු සංඛ්‍යාව 32 ක් වන විට අයර්ලන්ත කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස නායක පෝල් ස්ටාර්ලින් (10) දැවී ගියද, දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 67 කදී ලකුණු 96 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට කෙවින් ඕ’ බ්‍රයන් (74) සහ ඇන්ඩෘ බැල්බින් (47) සමත් වූහ. එහෙත් ඇන්ඩෘ බැල්බින් කඩුල්ල බිඳ දැමීමට සියාවුර් රෙහෙමාන් සමත් වීමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය.

ඉන් අනතුරුව පිටියට පිවිසි කිසිදු පිතිකරුවකුට සාර්ථක වීමට ඇෆ්ගනිස්තාන පන්දු යවන්නෝ ඉඩන් නොදුන්හ. පන්දු 47 කට මුහුණදුන් බ්‍රයන් හයේ පහර 3 කින් සහ හතරේ පහර 5 කින් සිය අර්ධ ශතකය අලංකාර කළ අතර පන්දු 33 කදී වාර්තා වූ බැල්බින්ගේ ඉනිමට හතරේ පහර 7 ක් ඇතුළත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් බැල්බින් ඇෆ්ගනිස්තාන කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 201 ක් රැස්කළ අතර වේගවත් පිතිහරඹයක නිරත වූ මොහොමඞ් නබී පන්දු 36 කදී ලකුණු 81 ක් රැස්කළේ හයේ පහර 7 ක් සහ හතරේ පහර 6 ක් සමගිනි.

හස්රතුල්ලා සසායි පන්දු 17 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 31 ක් රැස්කරමින් ඇෆ්ගනිස්තාන කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්නේය.

ඇෆ්ගනිස්තානය - ඕවර 20 කදී කඩුලු 7 කට 210
(හස්රතුල්ලා සසායි 31, නජීබ් තරකායි 17, අස්ගර් ඇෆ්ගන් 20, මොහොමඞ් නබී 81, බොයිඞ් රැන්කින් 53/3)

අයර්ලන්තය - ඕවර 20 කදී කඩුලු 8 කට 178
(කෙවින් ඕ’ බ්‍රයන් 74, ඇන්ඩෘ බැල්බින් 47, ජෝජ් ඩොක්රෙල් 18, රෂීඞ් ඛාන් 27/5, සියාවුර් රෙහෙමාන් 42/2)

-036

 


අදහස් (0)

ඇෆ්ගනිස්තානය 3-0 කින් අයර්ලන්තය පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.