වයස 19 න් පහළ ‘යොවුන්’ ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අර්ධ අවසන් පූර්ව තරගය සාජා ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී හෙට (22 වැනිදා) පැවැත්වේ. මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 11.00 ට ආරම්භ වීමට නියමිතය.
19 න් පහළ ලෝක කුසාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරග දෙකක් හෙට (22 වැනිදා) පැවැත්වෙන අතර එංගලන්තය සහ ඉන්දියාව අතර තරගය ඩුබායි ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ශ්‍රී ලංකා පිල පළමු වටයේ තරග තුනම ජය ලබා අපරාජිතව සිටින අතර පාකිස්තානය තරග දෙකක් ජය ලබා ඉන්දියාව හමුවේ පරාජයට පත්විය.
ශ්‍රී ලංකා යොවුන් ක‍්‍රීඩකයෝ මෙම තරගාවලියේ මේ දක්වා අවධානය දිනා ගැනීමට සමත්ව සිටිති. උප නායක සධීර සමරවික‍්‍රම ශකතයක් සමගින් ලකුණු 156 ක් ද, හෂාන් දුමිඳු ශතකයක් සමගින් ලකුණු 147 ක් ද, රැස්කිරීමට සමත්ව සිටිති.
වමතින් වේග පන්දු යවන අනුක් ප‍්‍රනාන්දු කඩුලූ 7 ක් දවා ගනිමින් තරගාවලියේ දක්‍ෂතම පන්දු යවන්නන් අතර තෙවැනි ස්ථානයේ රැදී සිටියි. වමතින් වේග පන්දු යවන්න බිනුර ප‍්‍රනාන්දු කඩුලූ 6 ක් දවාගෙන තිබේ.
ශ්‍රී ලංකා පිලේ නායක කුසල් මෙන්ඩිස් පවසන්නේ පළමු වටයේ තරග තුනම ජය ලබා තම කණ්ඩායම ජයග‍්‍රාහි මානසිකත්වයෙන් සිටින බවයි.
”අපි පළමු වටයේ තරග තුනම ජය ලබා අද තරගය සදහා හොද සූදානමින් ඉන්නවා”
”පාකිස්තානු පිල ඉතාමත්ම හොද එකක්, විශේෂයෙන්ම ඔවුන්ගේ නායකයා ඇතුළු ඉදිරි පෙළ පිතිකරුවන් මේ වන විට දස්කම් දක්වා තිබෙනවා. කණ්ඩායම් දෙකම හොද කණ්ඩායම්” යැයි ශ්‍රී ලංකා යොවුන් නායක කුසල් මෙන්ඩිස් වැඩි දුරටත් පැවසීය.
පාකිස්තානු පිලේ ආරම්භක පිතිකරු ඉමාම් උල් හක් ශතකයක් සහ අර්ධ ශතකයක් සමගින් ලකුණු 260 ක් රැස්කරමින් තරගාවලියේ මේ දක්වා වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටියි. නායක ශද්මාන් ස්ලාම් ශතකයක් සහ අර්ධ ශතකයක් සමගින් ලකුණු 240 ක් රැස්කර දෙවැනි ස්ථානයේ පසු වෙයි. පාකිස්තානු පිලේ කරමට් අලී ද කඩුලූ 7 ක් දවා ගැනීමට සමත්ව සිටියි.
පාකිස්තානු යොවුන් නායක ශද්මාන් ස්ලාම් පවසන්නේ අද තරග තියුණු එකක් වීමට ඉඩ ඇති බවයි.
”ශ්‍රී ලංකා පිල එංගලන්තය, නවසීලන්තය සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යය යන කණ්ඩායම් තුනම පරාජය කරමින් මේ වන විට ඉතාමත් හොද තත්ත්වයක ඉන්නවා. මම හිතනවා මේ තරගය ඉතාමත් තරගකාරි එකක් වෙයි කියලා. අපේ උත්සාහය උපරිමයෙන් ක‍්‍රීඩා කිරීමයි’’ යැයි ශද්මාන් ස්ලාම් වැඩි දුරටත් පැවසීය.
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.