Last Update  :  2025-06-29 19:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner හෝල්ඩර් - චේස් කොදෙව්වන්ට ජය ගෙනෙති

හෝල්ඩර් - චේස් කොදෙව්වන්ට ජය ගෙනෙති

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජේසන් හෝල්ඩර්ගේ (නොදැවී 202) විශිෂ්ට පිතිහරඹයත් රොස්ටන් චේස්ගේ (60/8) විශිෂ්ට පන්දු යැවීමත් හමුවේ සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව බාබඩෝස්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 381 ක ජයක් හිමිකර ගැනීමට කොදෙව්වෝ ඊයේ (26 වැනිදා) සමත්වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 628 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත පිතිකරුවන්ට සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 246 ක් පමණි.

විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ රොස්ටන් චේස් ලකුණු 60 කට කඩුලු 8 ක් දවාගනිමින් එංගලන්ත දෙවැනි ඉනිම වැනසීමට සමත්විය.

පළමු කඩුල්ල සඳහා ලකුණු 84 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට ආරම්භක පිතිකරුවන් සමත්වුවද සෙසු පිතිකරුවන්ට විශාල සම්බන්ධතා පැවැත්වීමට කොදෙව් පන්දුයවන්නෝ අවස්ථාවක් ලබානොදුන්හ.

ආරම්භක පිතිකරු රෝරි බර්න්ස් එංගලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්වෙමින් ලකුණු 84 ක් රැස්කිරීමට සමත්විය. පන්දු 133 කට මුහුණදුන් බර්න්ස්ගේ ඉනිමට හතරේ පහර 15 ක් ඇතුළත් විය.

එංගලන්ත පිතිකරුවෝ පුංචි පුංචි සම්බන්ධතා ගොඩනැගුවද පළමු ඉනිමේදී ලැබූ පසුබෑම හමුවේ ඉන් ගොඩ ඒමට ඔවුන්ට නොහැකි වූහ.


බටහිර ඉන්දීය කොදෙව් - පළමු ඉනිම 289 යි
එංගලන්තය - පළමු ඉනිම 77 යි
බටහිර ඉන්දීය කොදෙව් - දෙවැනි ඉනිම කඩුලු 6 ට 415

(ක්‍රෙග් බැත්වෙයිට් 24, ජෝන් කැම්බෙල් 33, ෂිම්රන් හෙට්මියර් 31, ෂේන් ඩව්රිච් නොදැවී 116, ජේසන් හෝල්ඩර් නොදැවී 202, මොයින් අලී 78/3)

එංගලන්තය  - දෙවැනි ඉනිම 246
(රෝරි බර්න්ස් 84, ජොනී බෙයාර්ස්ටෝ 30, ජෝ රූට් 22, බෙන් ස්ටෝක්ස් 34, ජොස් බට්ලර් 26, රොස්ටන් චේස් 60/8)

 


අදහස් (0)

හෝල්ඩර් - චේස් කොදෙව්වන්ට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.