Last Update  :  2025-10-24 20:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner හෆීස් ආසියානු කුසලානයෙන් ඉවතට

හෆීස් ආසියානු කුසලානයෙන් ඉවතට

රොෂාන් ගුණරත්න - 2018 සැප් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද 16 දෙනෙකුගෙන් සමන්විත පාකිස්තාන එක්දින සංචිතයෙන් තුන් ඉරියව් ක්‍රීඩකයින් වන මොහොමඞ් හෆීස් සහ ඉමාඞ් වසීම් ඉවත්කර ඇත.

“ මොහොමඞ් හෆීස් සහ ඉමාඞ් වසීම් ශාරීරක යෝග්‍යතා පරීක්‍ෂණය සඳහා ඉදිරිපත් කළ ඔවුන් එයින් අසමත්වීම හේතුවෙන් සංචිතයට එක්කර නොගන්නා බව” තේරීම් කමිටු ප්‍රධානී ඉස්සමාම්-උල්-හක් අද (4 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

ටෙස්ට් තරග 12 කදී පාකිස්තානය නියෝජනය කර ඇති 28 හැවිරිදි වමතින් පිතිකරුවකු වන ශාන් මසූඞ්ට පළමු වරට එක්දින සංචිතයේ ස්ථානයක් හිමිවී ඇත.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙම මස 15 වැනිදා සිට එක්සත් ආරබී එමීර් රාජ්‍යයේදී ආරම්භවන අතර ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්තානය සහ සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායම තරගාවලියට එක්වනු ඇත.

එක්සත් ආරබී එමීර් රාජ්‍යය සහ හොංකොං කණ්ඩායම අතර පැවැත්වෙන සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ අවසන් තරගය අනිද්දා (6 වැනිදා) පැවැත්වෙයි.

පාකිස්තාන සංචිතය
සර්ෆාස් අහ්මඞ් (නායක), ෆකාර් සමාන්, ඉමාම් උල්-හක්, ශාන් මසූඞ්, බාබර් අසාම්, ශොයිබ් මලික්, අසීෆ් අලී, හැරිස් සොහෙල්, ශදාබ් ඛාන්, මොහොමඞ් නවාස්, ෆහීම් අශ්රාෆ්, හසන් අලී, මොහොමඞ් අමීර්, ජුනයිඞ් ඛාන්, උස්මාන් ඛාන්.


අදහස් (0)

හෆීස් ආසියානු කුසලානයෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.