එංගලන්තයේ අන්තර් ප්‍රාන්ත විස්සයි20 කි‍්‍රකට් තරගාවලියේ සරේ ප්‍රාන්ත පිල සහ එසෙක්ස් ප්‍රාන්ත පිල අතර චෙල්ම්ස්ෆෝඞ්හිදී පැවැති තරගයේදී කුමාර් සංගක්කාර සරේ ප්‍රාන්ත පිල වෙනුවෙන් පන්දු 21 කදී ලකුණු 38 ක් රැස්කිරීමට සමත් විය.
ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් විය. මෙම තරගයෙන් සරේ ප්‍රාන්ත පිලට ලකුණු 44 ක ජයක් හිමිවිය.
ජයග්‍රහණය සඳහා ලකුණු 206 ක ඉලක්කයක් හඹාගිය එසෙක්ස් ප්‍රාන්ත පිලට ඕවර 20 අවසානයේ සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 161 ක් පමණි.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ටොම් කරන් ලකුණු 35 කට කඩුලූ 4 ක් දවාගැනීමට සමත් විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් සරේ ප්‍රාන්ත පිල ඕවර 20 අවසානයේ කඩුලූ 5 ක් දැවී ලකුණු 205 ක් ලබාගත් අතර සරේ ප්‍රාන්ත පිලේ වැඩිම ලකුණු ලාභියා වූ ස්ටීවන් ඬේවිස් පන්දු 25 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 53 ක් රැස්කළේය.
සරේ ප්‍රාන්ත පිල - ඕවර 20 කදී කඩුලූ 5 ක් දැවී 205
(ස්ටීවන් ඬේවිස් 53, කුමාර් සංගක්කාර 38, ග්‍රෙග් විල්සන් 41, සෆාර් අන්සාරි නොදැවී 31, අනීෂ් කපිල් 15)
එසෙක්ස් ප්‍රාන්ත පිල - ඕවර 20 කදී සියලූ දෙනා දැවී 161
(ග්‍රෙග් ස්මිත් 44, කිශේන් වෙලනි 22, රයන් ටෙන්ඩස්කාට් 40, ටොම් කරන් 35/4, ජේම්ස් බෘක් 23/3)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.