Last Update  :  2025-12-18 18:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල කඩුලූ 9 ට 281 යි

ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල කඩුලූ 9 ට 281 යි

දිලිනි මල්රුක්ෂි - 2014 පෙබ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ග‍්‍රැහැම් ඔනියන්ස් ඉතාමත් සාර්ථක පන්දු යැවීමක නිරත වූ නමුත් සෙසු පන්දු යවන්නන්ට ධෛර්යවන්තව මුහුණ දුන් ශී‍්‍ර ලංකා ‘ඒ’ කී‍්‍රඩකයෝ රංගිරි දඹුල්ල කී‍්‍රඩාංගණයේදී අද (19 වැනිදා) ආරම්භ වූ දෙවැනි නිල නොවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ මුල් දිනය නිමා වන විට කඩුලූ 9 ක් දැවී ලකුණු 281 ක් රැස්කර ගත්හ.

එංගලන්ත පිල නියෝජනය කළ ටෙස්ට් කී‍්‍රඩකයකුද වන ඔනියන්ස් එංගලන්ත ‘ඒ’ (ලයන්ස්) පිල වෙනුවෙන් ඊයේ පන්දු යැවීම ආරම්භ කරමින්  ඕවර 14 කදී ලකුණු 20 කට කඩුල 4 ක් දවා ගත්තේය.

කාසියේ වාසිය දිනාගත් ශී‍්‍ර ලංකා  ‘ඒ’ නායක උපුල් තරංග පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ නමුත් නායකයා දෙවැනි  ඕරයේදීම ලකුණු නොලබා පිටියෙන් ඉවත් විය. කෙසේ වෙතත් මෙම තරගයෙදී ශී‍්‍ර ලංකා  ‘ඒ’ කණ්ඩායමේ පිතිහරඹය ශක්තිමත් කිරීම සඳහාම කැඳවනු ලැබූ දිමුත් කරුණාරත්න (37) සහ පල්ලෙකැළේ ටෙස්ට් තරගයේදී ශතකයක් ලබාගත් මාධව වර්ණපුර එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 65 ක් එක් කරමින් යන්තමින් හිස ඔසවා ගත්හ.

සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 77 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ වමත් පිතිකරු භානුක රාජපක්‍ෂ (68) සහ රොෂේන් සිල්වා (73) දෙදෙනාගේ පිතිහරඹයන් නිසා ලකුණු 200 සීමාව පසුකර ගිය ශී‍්‍ර ලංකා  ‘ඒ’  පිතිකරුවෝ දිනය නිමා වන තුරු සිය අවසන් කඩුල්ල රැකගත්හ.

එංගලන්ත ලයන්ස් පිලේ කඩුලූ රකින්නා වන ජොනී බෙයාර්ස්ටෝ උඩපන්දු 5 ක් රැුකගනිමින් සිය පන්දු යවන්නන්ට අගනා සහයෝගයක් දුන්නේය.


ශී‍්‍ර ලංකා  ‘ඒ’ - පළමු ඉනිම කඩුලූ 9 ට 281
(දිමුත් කරුණාරත්න 37, මාධව වර්ණපුර 34, භානුක රාජපක්‍ෂ 68, රොෂේන් සිල්වා 73, චතුරංග ද සිල්වා 20, තරිඳු කෞෂාල් 31, ග‍්‍රැහැම් ඔනියන්ස් 20/4, ස්කොට් බෝර්ත්වික් 61/2)

 


අදහස් (0)

ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල කඩුලූ 9 ට 281 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.