Last Update  :  2025-10-24 20:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner වෙළඳ සේවා ‘ඒ’ කොටසේ ලීග් තරග අනිද්දා සිට

වෙළඳ සේවා ‘ඒ’ කොටසේ ලීග් තරග අනිද්දා සිට

Nisanka Sandeepani - 2018 සැප් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගමාලා අතරේ වැඩිම තරගකාරිත්වයකින් හෙබි තරගාවලිය ලෙස සැලකෙන වෙළඳ සේවා ‘ඒ’ කොටසේ ක්‍රිකට් තරගාවලිය අනිද්දා (15 වැනිදා) ආරම්භ කෙරේ. කණ්ඩායම් 10 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලිය සිංගර් ආයතනය සහ වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරයි. මෙය වෙළෙඳ සේවා එක්දින තරගාවලියේ 26 වැන්නයි.

 

දිවයින පුරා සිටින දක්ෂතම ක්‍රිකට් ක්‍රිඩකයෝ මෙම කණ්ඩායම් 10 අතර බෙදී යති. ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයෝද හැකි සෑම අවස්ථාවකදීම තමන්ගේ සේවා ස්ථානයේ කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරති.

ලීග් තරගාවලියේ කණ්ඩායම් එකිනෙකා සමගින් තරග කරන අතර උපරිම ප්‍රසාද ලකුණු ලබා ගන්නා කණ්ඩායමට ලීග් ශූරතාව පිරිනැමේ. ලීග් තරගාවලියේ සම්පූර්ණ තරග සංඛ්‍යාව 45 කි. මේ මස 15 වැනිදා ආරම්භ වන ලීග් තරගාවලිය ඔක්තෝබර් 7 වැනිදා දක්වා පැවැත්වේ.

පසුගිය වසරේ පැවැති ‘ඒ’ කොටසේ තරගාවලියට සහභාගීවූ හැටන් නැෂනල් බැංකු ‘ඒ’ කණ්ඩායම ආයතනික හේතුවක් මත තරගාවලියෙන් ඉවත්වී ඇත. ඒ හේතුවෙන් පසුගිය වසරේ පැවැති ‘බී’ කොටසේ තරගාවලියේදී ශූරයන් බවට පත්වූ මාස් සිලුඒටා ‘ඒ’ කණ්ඩායම මෙවර ‘ඒ’ කොටසේ තරගාවලියට උසස්වීක් ලබා ඇත.

පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය ඔක්තෝබර් 10 වැනිදා ආරම්භ වන අතර අවසන් මහ තරගය ඔක්තෝබර් 20 වැනිදා වෙළද සේවා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියට තරග 9 ක් ඇතුළත්වේ.
මෙම තරගාවලියේ සියලුම තරග වෙළද සේවා, කටුනායක මේරියන්ස්, කෝල්ට්ස්, මොරටුව ටිරොන් ප්‍රනාන්දු, පී.සරවනමුත්තු, එන්.සි.සී. සහ මග්ගොන සරේ යන ක්‍රීඩාංගණයන් හිදී පැවැත්වේ.

වෙළෙඳ සේවා විස්සයි20 තරගාවලිය ඔක්තෝබර් 23, 25, 26 සහ 28 යන දිනවල වෙළද සේවා සහ කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයන්හීදී පැවැත්වෙන අතර මෙම තරගාවලියට තරග 9 ක් ඇතුළත්වේ.

ලීග් තරගාවලියේ දක්ෂතම පිතිකරුවා, දක්ෂතම පන්දුයවන්නා, තරගාවලියේ වීරයා මෙන්ම තරගාවලියේ නැගීඑන ක්‍රිකට් ක්‍රීඩකයාද තෝරා ගැනේ. එහිදී ලීග් තරගාවලියේ වීරයාට සිංගර් අගල් 55 එල්.ඊ.ඩී. වර්ණ රූපවාහිනියක් මෙම වසරේ සිට පිරිනැමේ.

පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ අවසන් තරගයේ වීරයා සහ විස්සයි20 තරගාවලියේ දක්ෂතම පිතිකරුවා, දක්ෂතම පන්දුයවන්නා සහ අවසන් තරගයේ වීරයා තෝරා ගැනෙනු ඇත.

තරගාවලියේ නැගීඑන ක්‍රිකට් ක්‍රීඩකයාට විදේශ රටක පිළිගත් ක්‍රිකට් විද්‍යායතනයක ක්‍රිකට් පාඨමාලාවක් හැදැරීම සදහා ශිෂ්‍යත්වයක් පිරිනැමේ. ඒ සදහා ගුවන් ගාස්තු ඇතුළු සම්පූර්ණ වියහියදම් වෙළද සේවා ක්‍රිකට් සංගමය විසින් දරණු ලබනු ඇත.

ජෝන් කීල්ස් කණ්ඩායම නියෝජනය කරමින් පළමු වරට ඕස්ටේ්‍රලියාවේ ඩැරන් ලීමන් ක්‍රිකට් විද්‍යායතනයේ ක්‍රිකට් පාඨමාලාවක් හැදැරීම සදහා ශිෂ්‍යත්වයක් දිනාගනු ලැබූයේ දිමුත් කරුණාරත්න (2013)ය. පසුව කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම නියෝජනය කළ චතුරංග ද සිල්වාත් (2014) ජෝන් කීල්ස් කණ්ඩායම නියෝජනය කළ ළහිරු මිලන්තත් (2015) එම ශිෂ්‍යත්වය හිමිකර ගැනීමට සමත්වූහ.

මෙම තරගාවලියට අදාල අනුග්‍රහකත්ව චෙක්පත වෙළඳ සේවා සංගමය වෙත පිරිනැමීමේ අවස්ථාවට වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමයේ සභාපති රොෂාන් ඉද්දමල්ගොඩ, අනුග්‍රහකත්ව කමිටුවේ සභාපති රෝහණ දිසානායක, ලේකම් නලීන් වික්‍රමසිංහ, තරගාවලියේ සංවිධායක කමිටුවේ සභාපති සුජීව ද සිල්වා, සිංගර් ශ්‍රී ලංකා වෙළඳ අධ්‍යක්‍ෂක කුමාර් සමරසිංහ සහ ජේෂ්ඨ ප්‍රවර්ධන කළමණාකරු කේ.ඩි.එස්. කනිෂ්ක යන මහත්වරු සහභාගී වූහ.


ලීග් තරගාවලියට සහභාගීවන කණ්ඩායම්
කොමර්ෂල් ක්‍රෙඩිට් ‘ඒ’ කණ්ඩායම, මාස් යුනිචෙලා, සම්පත් බැංකුව, මාස් සිලුඒටා ‘ඒ’ කණ්ඩායම, ජෝන් කීල්ස් ‘ඒ’ කණ්ඩායම, ටීජේ ලංකා, ඩිමෝ ලංකා, හේලීස් ගෲප් ‘ඒ’ කණ්ඩායම, එල්.බී. ෆිනෑන්ස් සහ කැන්රිච් ෆිනෑන්ස් ‘ඒ’ කණ්ඩායම


ඒ ඒ කණ්ඩායම් පසුගිය තරගාවලියේදී දැක්වූ දස්කම් සහ නායකයෝ

■    මාස් යුනිචෙලා (2018 ලීග් ශූරයෝ සහ විස්සයි20 ශූරයෝ)
(ති්ලකරත්න ඩිල්ෂාන් නායකත්වය දරයි)
■    කොමර්ෂල් ක්‍රෙඩිට් ‘ඒ’ කණ්ඩායම (2018 ලීග් අනුශූරයෝ)
(උපුල් තරංග නායකත්වය දරයි)
■    ටීජේ ලංකා (2018 පිළිමළුන් පිටුදැකීමේ ශූරයෝ)
(ලසිත් මාලිංග නායකත්වය දරයි)
■    එල්.බී. ෆිනෑන්ස් (2018 පිළිමළුන් පිටුදැකීමේ අනුශූරයෝ)
(ලක්ෂාන් රොඩිරිගු නායකත්වය දරයි)
■    ඩිමෝ ලංකා (2018 විස්සයි20 අනුශූරයෝ)
(නිසල තාරක නායකත්වය දරයි)
■    මාස් සිලුඒටා ‘ඒ’ කණ්ඩායම (2018 ‘බී’ කොටසේ ශූරයෝ)
(බුද්ධික සංජීව නායකත්වය දරයි)
■    සම්පත් බැංකුව
(කෞෂාල් සිල්වා නායකත්වය දරයි)
■    ජෝන් කීල්ස් ‘ඒ’ කණ්ඩායම
(භානුක රාජපක්ෂ නායකත්වය දරයි)
■    කැන්රිච් ෆිනෑන්ස් ‘ඒ’ කණ්ඩායම
(සහන් විජේරත්න නායකත්වය දරයි)
■    හේලීස් ගෲප් ‘ඒ’ කණ්ඩායම
(මධුරංග සොයිසා නායකත්වය දරයි)

 

අදහස් (0)

වෙළඳ සේවා ‘ඒ’ කොටසේ ලීග් තරග අනිද්දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.