Last Update  :  2025-10-24 12:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner බට්ලර් - බ්‍රෝඩ් එංගලන්තය ඔසවා තබති

බට්ලර් - බ්‍රෝඩ් එංගලන්තය ඔසවා තබති

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්ත කණ්ඩායමට එරෙහිව ලන්ඩන්හි කොනිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 5 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය දෙවැනි දිනයේ (8 වැනිදා) තේ පානය සඳහා නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි සංචාරක ඉන්දීය කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 53 ක් ලබා සිටියේය.

තේ පානය සඳහා නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි ලෝකේෂ් රාහුල් ලකුණු 35 ක්ද, චෙතේෂ්වර් පුජාරා ලකුණු 15 ක්ද බැගින් ලබා සිටියහ. මුලු ලකුණු සංඛ්‍යාව 6 ක්ව තිබියදී ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ශිකර් ධවාන් ලකුණු 3 කට පිටියෙන් ඉවත්ව ගියේ ස්ටුවට් බ්‍රෝඞ්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමිනි.

පළමු දිනය වූ ඊයේ (7 වැනිදා) තරගය නිමාවට පත්වන විට කඩුලු 7 ක් දැවී 198 ක් ලබා සිටි එංගලන්ත කණ්ඩායම අද දිනයේදී සිට පළමු ඉනිමට තවත් ලකුණු 134 ක් එක්කර ගත්තේය. අද දිනයේ පළමු කඩුල්ල ලෙස ලකුණු 15 ක් ලබා සිටි ආදිල් රෂීඞ් පිටියෙන් ඉවත් කිරීමට ජස්ප්‍රීට් බුම්රා සමත් විය.

කෙසේ වුවත් රෂීඞ්ගේ දැවී යෑමෙන් අනතුරුව ජොස් බට්ලර් (89)  සමග එක්වූ ස්ටුවට් බ්‍රෝඞ් (38) එංගලන්ත ඉනිමේ 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 98 ක සම්බන්ධතාවක් ගොඩනැගුවේය. බට්ලර්ගේ 10 වැනි ටෙස්ට් අර්ධ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 6 කින් සමන්විත වූ අතර බ්‍රෝඞ්ගේ ඉනිම හතරේ පහර 3 කින් සමන්විත විය.

මුලු ලකුණු සංඛ්‍යාව 312 වන විට ලෝකේෂ් රාහුල්ගේ සහායද ඇතිව බ්‍රෝඞ් පිටියෙන් ඉවත් කළ රවින්ද්‍ර ජදේජා, ලකුණු පුවරුවට තවත් ලකුණු 20 ක් එක්වීමෙන් අනතුරුව එංගලන්ත පළමු ඉනිම නිමාවට පත්කළේ අජින්ක්‍යා රහනේ සමග එක්ව බට්ලර්ගේ කඩුල්ලද දවාගනිමිනි. එම කඩුලු 2 ත් සමග ජදේජා එංගලන්ත පළමු ඉනිම තුළ බිඳහෙළු මුලු කඩුලු සංඛ්‍යාව 4 ක් දක්වා ඉහළ ගියේය.


එංගලන්ත පළමු ඉනිම - ඕවර 122 කදී සියලු දෙනා දැවී 332
(ඇලෙස්ටයාර් කුක් 71, කීටන් ජෙනින්ස් 23, මුයින් අලී 50, ජොස් බට්ලර් 89, ස්ටුවට් බ්‍රෝඞ් 38, රවින්ද්‍ර ජදේජා 79/4, ඉෂාන්ත් ශර්මා 62/3, ජස්ප්‍රීට් බුම්රා 83/3)

ඉන්දීය පළමු ඉනිම - ඕවර 18 කදී කඩුල්ලක් දැවී 53
(ලෝකේෂ් රාහුල් නොදැවී 35, චෙතේෂ්වර් පුජාරා නොදැවී 15)

- 036

 


අදහස් (0)

බට්ලර් - බ්‍රෝඩ් එංගලන්තය ඔසවා තබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.