පූර්ව ටෙස්ට් සමයේ ක්‍රීඩකයන්ට උපහාර
1982 දී පැවැති ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් තරගයට පෙර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩයින් අගැයීමේ පළමු පියවර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානත්වයෙත් ඊයේ (4 වැනිදා) ක්‍රීඩා අමාත්‍යංශයේදී පැවැත්වුණි.
මෙම උත්සවයේදී වෛද්‍ය එච්. අයි. කේ. ප්‍රනාන්දු, දයා සහබන්දු, අමිත ද කොස්තා, එම්. දේවරාජ්, ටී. බී. කෙහෙල්ගමුව, එන්. කොඩිතුවක්කු, ඒ. සී. එම්. ලෆීර්, රංජන් ගුණතිලක සහ ලසන්ත රොඞ්රිගූ යන මහත්වරුන් ඇගයීමට ලක්වූහ.
මේ අවස්ථාවට ක්‍රීඩා ඇමති ෆයිසර් මුස්තාපා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිසි බලධාරී කමල් පත්මසිරි සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා යන මහත්වරුන් සහභාගී වූහ.
ක්‍රීඩා ආමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ මඟ පෙන්වීම යටතේ ආරම්භවූ මෙම ඇගයීමේ උත්සවය සඳහා හිටපු ක්‍රීඩකයින් 49 දෙනෙක් තෝරාගෙන ඔවුන්ට සිහිවටන පිරිනැමෙන අතර වසරින් වසර අලුත්වන පරිදි 12 දෙනෙකුට පාරීතෝෂික දීමනාවක් පිරිනැමීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.
ඇගයීම සඳහා තෝරාගත් හිටපු ක්‍රීඩකයෝ
■ රංජන් ගුණතිලක
■ අමිත ද කොස්තා
■ එස්.දේවරාජ්
■ වෛද්‍ය එච්. අයි. කේ. ප්‍රනාන්දු
■ රසල් හාමර්
■ ස්ටැන්ලී ජයසිංහ
■ ටී.බී.කෙහෙල්ගමුව
■ නිහාල් කොඩිතුවක්කු
■ ඒ.සී.එම්.ලෆීර්
■ ගුලාම් රසීක්
■ ලසන්ත රොඞ්රිගූ
■ දයා සහබන්දු
■ ඩෙනිස් චන්මුගම්
■ හේමන්ත දේවප්‍රිය
■ ලන්ත්‍රා ප්‍රනාන්දු
■ බර්නාර්ඞ් රුලාච්
■ ජෙරී වවුටර්ස්
■ ටී.ඒ.බුහාර්
■ ස්ටැන්ලි ද අල්විස්
■ මැල්කම් ෆ්‍රැන්කි
■ රොනාල්ඞ් රීඞ්
■ සී. ටී. ඒ. ශාෆ්ටර්
■ වෛද්‍ය සී.බාලක්‍රිෂ්ණන්
■ එෆ්.ක්‍රොසියර්
■ ඩී.පී. සිල්වා
■ රංජිත් ප්‍රනාන්දු
■ ලයනල් ප්‍රනාන්දු
■ එල්.ආර්.ගුණතිලක
■ කීර්ති ගුණරත්න
■ නිර්මාල් හෙට්ටිආරච්චි
■ ඬේවිඞ් හයින්
■ ක්ලයිව් ඉන්මන්
■ ඩැරල් ලිවර්ස්
■ බ්‍රයන් ඔබේසේකර
■ ඒ.ආර්.එම්.ඕපාත
■ ජයන්ත පරණතාල
■ මෙවන් පිරීස්
■ ඩි.පීචවුඞ්
■ අනුරුද්ධ පොලොන්නෝවිට
■ මනෝ පොන්නියා
■ එස්. රාජපක්ෂ
■ වෛද්‍ය බඩී රීඞ්
■ ජේ.සෙනෙවිරත්න
■ අනුර තෙන්නකෝන්
■ බි. ඩබ්ලිව්. ආර්. තෝමස්
■ මයිකල් තිසේරා
■ ඩී.වීරසිංහ
■ වෛද්‍ය සිරිල් අර්නස්ට්
■ වෛද්‍ය සරත් විමලරත්න