ආසියානු ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ලෙස පාකිස්තාන සහ හොංකොං කණ්ඩායම් අතර ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (16 වැනිදා) පැවැති තරගය කඩුලු 8 කින් ජය ගැනීමට පාකිස්තානය සමත්විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 117 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තානය ඕවර 23.4 කදී කඩුලු 2 ක් පමණක් දැවී ඉලක්කය පහසුවෙන් පසුකිරීමට සමත්විය.
ඉමාම්-උල්-හක් පන්දු 69 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 50 ක් සහ ශොයිබ් මලික් ලකුණු 9 ක් ලබාගනිමින් පාකිස්තානය ජයග්‍රහණය කරා රැගෙන ගියහ.
ෆකාර් සමාන් සමගින් එක්ව පළමු කඩුල්ල සඳහා ලකුණු 41 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ ඉමාම්-උල්-හක් දෙවැනි කඩුල්ල සඳහා බාබර් අසාම් සමගින් එක්ව ලකුණු 52 ක සම්බන්ධතාවයක් ගොඩනැගීය.
ඒසාන් ඛාන්ගේ පන්දු හමුවේ ස්කොට් මැක්කෙච්නි හට උඩපන්දු ලබාදුන් ෆකාර් සමාන්ට සහ බාබර් අසාම්ට පිටියෙන් ඉවත්වීමට සිදුවූහ.
පන්දු 27 කට මුහුණදුන් ෆකාර් සමාන් හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 24 ක් රැස්කළ අතර බාබර් අසාම් පන්දු 36 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 33 ක් රැස්කළේය.
ඉනිම 47 කදී ලකුණු 2000 සීමාව පසු කිරීමට බාබර් අසාම් අද සමත්වූ අතර ලකුණු 2000 සීමාව පසුකළ දෙවැනි වේගවත්ම ක්‍රීඩකයාද ඔහු විය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් හොංකොං කණ්ඩායමට ඕවර 37.1 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 116 ක් පමණි.
හොංකොං කණ්ඩායමේ මුල්පෙළ පිතිකරුවන් පස් දෙනෙකු ලකුණු 44 ක් තුළ පිටියෙන් ඉවත් කිරීමට පාකිස්තාන පන්දු යවන්නෝ සමත්වූහ.
පාකිස්තාන පන්දු යවන්නන්ගේ පීඩනය හමුවේ වුවද හයවැනි කඩුල්ල සඳහා ලකුණු 53 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට කිංචිට් ෂා සහ අයිසාස් ඛාන් සමත්වූහ. උස්මාන් ඛාන්ගේ පන්දුවක් හමුවේ අයිසාස් ඛාන් ලකුණු 27 කට දැවීයාමත් සමගින් එම සම්බන්ධතාවට තිත තැබුණි.
ලකුණු 2 ක් තුළ කඩුලු 4 ක් බිඳ වැටීම හේතුවෙන් හොංකොං ලකුණු පුවරුව කඩුලු 9 කට ලකුණු 99 ක් විය. නමුත් අවසන් කඩුල්ල සඳහා ලකුණු 17 ක් එක් කිරීමට ඒසාන් නවාස් සහ නදීම් අහ්මඞ් සමත්වූහ.
උස්මාන් ඛාන් කඩුලු 3 ක්ද හසන් අලී සහ සදාබ් ඛාන් කඩුලු 2 බැගින් දවාගනිමින් හොංකොං කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට සමත්වූහ.
හොං කොං - ඕවර 37.1 කදී සියලුදෙනා දැවී 116
(කිංචිට් ෂා 26, ඒසාන් නවාස් 27, උස්මාන් ඛාන් 19/3, හසන් අලී 19/2, සදාබ් ඛාන් 31/2)
පාකිස්තානය - ඕවර 23.4 කදී කඩුලු 2 ක් දැවී 120
(ෆකාර් සමාන් 24, ඉමාම්-උල්-හක් නොදැවී 50 , බාබර් අසාම් 33, ඒසාන් ඛාන් 34/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.