Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner පල්ලේකැලේ කී‍්‍රඩාංගණය ඉදිකිරීමේ ගිවිසුම් සොයයි

පල්ලේකැලේ කී‍්‍රඩාංගණය ඉදිකිරීමේ ගිවිසුම් සොයයි

සංජය එරමුදුගොඩ - 2015 මැයි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

පල්ලේකැලේ ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණය ඉදිකිරීමේදී රුපියල් කෝටි 30 කට අධික වංචාවක් සිදුවූයේ යැයි හෙළිකර ගැනීම සඳහා ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය හා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව අතර ඇතිකරගත් ගිවිසුම්වල මුල් පිටපත් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශයට ලබාදෙන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා එම ආයතනවල කළමනාකරුවන්ට අද (11) නියම කළේය.

ජාතික හෙළ උරුමය විසින් කරනලද පැමිණිල්ලකට අනුව මෙම මූල්‍ය වංචාවන්ට අදාලව පරීක්ෂණ පවත්වන මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශය කළ ඉල්ලීමකට අවසර දෙමින් එලෙස නියම කළ කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතා පල්ලේකැලේ ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණය ඉදිකිරීම සඳහා භාණ්ඩ මිලදීගත් බිල්පත් හා රිසිට්පත්වල මුල් පිටපත්ද එම කොට්ඨාශයට බාරදෙන ලෙස රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපතිවරයාට නියම කළේය.

පල්ලේකැලේ ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයක් ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ හිටපු සභාපති ඞී.එස්. සිල්වා මහතා සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු සභාපති මහාචාර්ය අසූ මාරසිංහ යන මහත්වරුන් විසින් ගිවිසුමකට එළඹ ඇති බවත් එම ගිවිසුමට අනුව කී‍්‍රඩාංගණය ඉදිකිරීම සඳහා රුපියල් 985 990 095.66 ක මුදලක් වැයවන බවට ඇස්තමේන්තු කොට ඇති බවත් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශය අධිකරණයට දැනුම් දුන්නේය.

ආයතනවල සභාපතිවරුන්ගේ අනුදැනුම ඇතිව ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය වෙනුවෙන් එහි මෙහෙයුම් ප‍්‍රධානී ඈෂ්ලි සිල්වා මහතාත්, ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාව වෙනුවෙන් එහි සාමාන්‍යාධිකාරී එම්.ඩබ්.ජේ. ද සිල්වා මහතාත් එම ගිවිසුම්වලට අත්සන් කොට ඇති බවත් දැනුම් දුන් පොලිස් නිලධාරීහු මේ පිළිබඳව පවත්වන පරීක්ෂණ සඳහා එම ගිවිසුමේ මුල් පිටපත් තමන්ට අවශ්‍ය වී ඇතැයි දැනුම් දුන්හ.

එම ගිවිසුම මෙන්ම කී‍්‍රඩාංගණය ඉදිකිරීම සඳහා භාණ්ඩ මිලදී ගැනීමට අදාල බිල්පත් සහ රිසිට්පත්වල මුල් පිටපත්ද තමන්ට අවශ්‍ය වී ඇතැයි දැනුම් දුන් නිලධාරීහු එම ලේඛන තමන්ට බාරදෙන ලෙස ශ්‍රී ලංකා කි‍්‍රකට් හා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ නිලධාරීන්ට නියම කරන්නැයි ඉල්ලා සිටියහ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ඒ සඳහා අවසර ලබාදුන් මහේස්ත‍්‍රාත්වරයා පරීක්ෂණ අත්සන් කර අධිකරණයට කරුණු දැනුම් දෙන ලෙස පොලීසියට නියම කළේය.


අදහස් (0)

පල්ලේකැලේ කී‍්‍රඩාංගණය ඉදිකිරීමේ ගිවිසුම් සොයයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.