සංචාරක දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායම සහ ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම අතර කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී ඊයේ (26 වැනිදා) ආරම්භවූ පළමු නිළ නොවන ටෙස්ට් තරග පළමු දිනයට අවසන් කරන විටදී පන්දුවට පහරදෙමින් සිටි දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 7 ක් දැවී ලකුණු 318 ක් රැස්කිරීමට සමත්විය.
වමතින් දඟපන්දු යවන මාලින්ද පුෂ්පකුමාර කඩුලු 5 ක් දවාගැනීමට සමත්වුවද තවත් කඩුලු 3 ත් අතැතිව ලකුණු 300 සිමාව පසුකිරීමට දකුණු අප්‍රිකානු පිතිකරුවෝ සමත්වූහ.
අර්ධ ශතක රැස්කළ රයන් රිකෙල්ටන් සහ නායක ටෝනී ඩි’සෝසී පළමු කඩුල්ල සඳහා ලකුණු 131 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් අප්‍රිකානු නැඟී එන කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දිමට සමත්වූහ.
රයන් රිකෙල්ටන් පන්දු 113 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 63 ක් රැස්කළ අතර ටෝනී ඩි’සෝසී පන්දු 124 කදී හයේ පහරක් සහ හතරේ පහර 12 ක් සමගින් ලකුණු 77 ක් රැස්කිරීමට සමත්විය.
ලකුණු 215 කට කඩුලු 4 ක් දැවී සිටි දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායම වෙනුවෙන් පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 85 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ මැතිව් බි්‍රට්ස්කේ (73) සහ ශෙපාන්ග් ඩිතෝලේ (43) සිය කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්වූහ.
මාලින්ද පුෂ්පකුමාරගේ පන්දුවක් කඩුල්ලේ වැඳීමෙන් මැතිව් බි්‍රට්ස්කේ ලකුණු 73 කට දැවී ගිය අතර පන්දු 113 කට මුහුණදුන් ඔහුගේ ඉනිමට හතරේ පහර 10 ක් ඇතුළත් විය. කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවු ශෙපාන්ග් ඩිතෝලේ ලකුණු 43 කට දැවී ගියේය.
කඩුලු 4 කට ලකුණු 300 ක් රැස්කරමින් ප්‍රභල තත්වයක සිටි දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායමට පීඩනයක් ඇති කරමින් ලකුණක් තුල කඩුලු 3 ක් දවා ගැනීමට මාලින්ද පුෂ්පකුමාර සමත්විය.
ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායමේ නායක කෞෂාල් සිල්වා පන්දු යවන්නන් 7 දෙනෙකු යොදා ගනිමින් දකුණු අප්‍රිකානු පිතිකරුවෝ මෙල්ල කිරීමට උත්සහ කළද සාර්ථක ප්‍රතිඵල පෙන්වීමට හැකිවූයේ මාලින්ද පුෂ්පකුමාරට පමණි.
හෙට (27 වැනිදා) තරගයේ දෙවැනි දිනයයි.
දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායම - පළමු ඉනිම - ඕවර 90 කදී කඩුලු 7 ක් දැවී 318
(රයන් රිකෙල්ටන් 63, ටෝනී ඩි’සෝසී 77, කගිසෝ රපුලානා 38, මැතිව් බි්‍රට්ස්කේ 73, ශෙපාන්ග් ඩිතෝලේ 43, මාලින්ද පුෂ්පකුමාර 91/5)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.