දෙවැනි ඉනිමේදී විශිෂ්ට පිතිහරඹයක නිරත වූ නායක උපුල් තරංග (116) සහ දිමුත් කරුණාරත්න (156) දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 228 ක සම්බන්ධතාවක් ගොඩනංවමින් රංගිරි දඹුල්ල කී‍්‍රඩාංගණයේදී පැවැති දෙවැනි නිල නොවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී එංගලන්ත ‘ඒ’ (ලයන්ස්) පිල හමුවේ ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායමේ ගෞරවය රැකගත්හ.
ඉකුත් 19 වැනිදා රංගිරි දඹුල්ල කී‍්‍රඩාංගණයේදී ආරම්භ වූ මෙම තරගය අද (22 වැනිදා) ජය පරාජයකින් තොරව අවසන් විය. පළමු නිල නොවන තරගය ජයගත් එංගලන්ත ලයන්ස් පිල 1-0 ක් ලෙසින් තරගාවලියේ පෙරමුණ ගෙන සිටී.
එංගලන්ත ‘ඒ’ පිල සිය මුල් ඉනිම වෙනුවෙන් 7 ක් දැවී ලකුණු 605 ක් ලබාගත් හෙයින් පළමු ඉනිමේදී ලකුණු 316 ක අවාසියකට මුහුණ දුන් ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම තරගයේ තුන්වැනි දිනය නිමා වන විට කිසිවකු නොදැවී ලකුණු 72 ක් ලබා සිටියේය.
ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලේ නායකත්වයට පත්වීමෙන් පසුව මුහුණ දුන් පළමු ඉනිම තුනේදීම අසාර්ථක වූ නමුත් සිවුවැනි ඉනිමේදී ලකුණු අතරට පැමිණි තරංග තම කණ්ඩායමේ ගෞරවය රැකගත්තේය. ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායමේ පිතිහරඹය ශක්තිමත් කිරීම සඳහාම ජාතික කණ්ඩායමේ සිට යළි කැඳවූ දිමුත් කරුණාරත්න සිය වගකීම අකුරටම ඉටුකරමින් පැය හතකට ආසන්න කාලයක් සිය කඩුල්ල රැකගනිමින් හතරේ පහර 16 ක් සහ හයේ පහරක්ද සමගින් ලකුණු 156 ක් ලබාගත්තේය.
තරංග ලකුණු 228 දී දැවී ගිය නමුත් මෙම තරගයේදී අංක 3 පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි චතුරංග ද සිල්වා දිමුත් කරුණාරත්න සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 102 ක් එක්කළේ ආසියානු කුසලාන තරගාවලියේදී ශී‍්‍ර ලංකා ජාතික කණ්ඩායමට එක්වීමට පෙර තම නම ඉදිරියෙන් තවත් අර්ධ ශතකයක් සටහන් කරමිනි.
ශී‍්‍ර ලංකා ‘ඒ’ - පළමු ඉනිම 289
(දිමුත් කරුණාරත්න 37, මාධව වර්ණපුර 34, භානුක රාජපක්‍ෂ 68, රොෂේන් සිල්වා 73, චතුරංග ද සිල්වා 20, තරිඳු කෞෂාල් 31, ග‍්‍රැහැම් ඔනියන්ස් 24/4, ලියාම් ප්ලන්කට් 37/2, ස්කොට් බෝර්ත්වික් 61/2)
එංගලන්ත ‘ඒ’ (ලයන්ස්) - පළමු ඉනිම කඩුලූ 7 ට 605
(ඇලෙක්ස් ලීස් 11, සෑම් රොබ්සන් 142, වරූන් චොප්රා 28, ජේම්ස් ටේලර් නොදැවී 242, ජොනී බෙයාර්ස්ටෝ 27, කි‍්‍රස් වෝක්ස් 25, ස්කොට් බෝර්ත්මක් 35, ලියාම් ප්ලන්කට් නොදැවී 74, ළහිරු ගමගේ 108/2, තරිඳු කෞෂාල් 140/4)
ශී‍්‍ර ලංකා ‘ඒ’ - දෙවැනි ඉනිම කඩුලූ 3 ක් දැවී 357
(උපුල් තරංග 116, දිමුත් කරුණාරත්න 156, චතුරංග ද සිල්වා නොදැවී 59, මාධව වර්ණපුර 16, කි‍්‍රස් වෝක්ස් 36/1, සයිමන් කෙරිගන් 86/1, සෑම් රොබ්සන් 04/1)
ඡායාරූපය - ශාන්ත රත්නායක
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.