චමරි අතපත්තුගේ (115) විශිෂ්ට පිතිහරඹය හමුවේ සංචාරක ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි එක්දින තරගය කඩුලු 3 කින් ජයගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (16 වැනිදා) සමත්විය. එහෙත් තරගාවලියේ පළමු තරග දෙකම ජයගෙන සිටි ඉන්දීය කණ්ඩායම තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 2-1 ක් ලෙස ජයගැනීමට සමත්විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 254 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඕවර 49.5 කදී කඩුලු 7 ක් දැවී ඉලක්කය පසුකිරීමට සමත්විය.
සිය සිවුවැනි එක්දින ශතකය පන්දු 117 කදී ලබාගත් චමරි අතපත්තු ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතක ලබා ඇති පළමු සහ එකම ක්‍රිඩිකාවද වන්නේය. දයාලන් හේමලතාගේ පන්දුවක් හමුවේ මංසි ජෝෂී අතට උඩපන්දුවක් දෙමින් දැවීයන විට පන්දු 133 කදී ලකුණු 115 ක් රැස්කිරීමට චමරි අතපත්තු සමත්වූවාය. හයේ පහර 4 ක් සහ හතරේ පහර 13 කින් අතපත්තුගේ ඉනිම අලංකාර විය.
හසිනි පෙරේරා සමගින් එක්ව පළමු කඩුල්ල සඳහා පන්දු 139 කදී ලකුණු 101 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ චමරි අතපත්තු දෙවැනි කඩුල්ල සඳහා අනුෂ්කා සංජීවනී සමගින් එක්ව පන්දු 72 කදී තවත් ලකුණු 55 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්වූවාය. හසිනි පෙරේරා පන්දු 70 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 45 ක් රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය කරා යෑමට අවශ්‍ය අඩිතාලම දමා දුන්නාය.
දෙවැනි එක්දින තරගයෙන් පාඩමක් ඉගෙන ගත් ශ්‍රීපාලී වීරක්කොඩි (නොදැවී 14) සහ කවීශා දිල්හාරී (නොදැවී 12) අවසන් මොහොතේදී කඩුලු ආරක්‍ෂා කරගනිමින් තනි ලකුණු ලබාගනිමින් අවශ්‍ය වේලාවේදී පමණක් වේගවත් පහර කරා යොමුවූහ.
මේ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් සභාව විසින් සංවිධානය කරන කාන්තා ශූරතා තරගාවලියේ පිට පිට තරග 8 ක් පරාජයට පත්ව සිටි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ජයග්‍රහණය කළ පළමු තරගය මෙයයි. ඒ අනුව අද ලැබූ ජයග්‍රහණයත් සමගින් ප්‍රසාද ලකුණු 2 ක් හිමිවු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ අටවැනි ස්ථානයේ පසුවන්නේය.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායිකාව පළමුව පන්දුවට පහරදීම සඳහා ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළ අතර මිතිලා රාජ්ගේ (නොදැවී 125) විශිෂ්ට පිතිහරඹය හමුවේ ඕවර 50 අවසානයේ කඩුලු 5 ක් දැවී ඔවුන් ලකුණු 253 ක් රැස්කිරීමට සමත්වූහ.
පළමු ඕවරයේ දෙවැනි පන්දුවෙන් ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ජෙමීමා රොඞ්රිගූ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමින් පිටියෙන් ඉවත් කිරීමට උදේශිකා ප්‍රබෝධනී සමත්වූවාය. නමුත් ඉන් පසු නොබැස්ස ස්මි්‍රති මන්ධනා සහ මිතිලා රාජ් එක්ව දෙවැනි කඩුල්ල සඳහා පන්දු 133 කදී ලකුණු 102 ක සම්බන්ධතාවයක් ගොඩනැගූහ.
ඉන් නොනැවතුණු මිතිලා රාජ් පස්වැනි කඩුල්ල සඳහා දීප්ති ශර්මා සමගින් එක්ව පන්දු 83 කදී තවත් ලකුණු 92 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් ඉන්දීය ලකුණු සංඛ්‍යාව 250 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට සමත්වූවාය.
ඉන්දීය ඉනිම අවසන් වනතෙක් කඩුල්ලේ රැඳි සිටි මිතිලා රාජ් පන්දු 143 කදී හයේ පහරක් සහ හතරේ පහර 14 ක් සමගින් නොදැවී ලකුණු 125 ක් රැස්කළ අතර ඇයට අනගි සහයක් ලබාදුන් ස්මි්‍රති මන්ධනා ලකුණු 51 ක් රැස්කිරීමට සමත්වූවාය. පන්දු 62 කට මුහුණදුන් මන්ධනාගේ ඉනිමට හතරේ පහර 6 ක් ඇතුළත් විය. දීප්ති ශර්මා පන්දු 44 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 38 ක් රැස්කරමින් ඉන්දීය ඉනිම ශක්තිමත් කළාය.
ශ්‍රී ලංකා නායිකාව පන්දු යවන්නන් හත් දෙනෙකු යොදාගත් අතර ඉන් පන්දු යවන්නියන් පස්දෙනෙකු කඩුල්ල බැගින් දවාගැනීමට සමත්වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.