Last Update  :  2025-10-24 20:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner කුක් එංගලන්තයේ බලාපොරොත්තු පොදි බඳී

කුක් එංගලන්තයේ බලාපොරොත්තු පොදි බඳී

Nisanka Sandeepani - 2018 සැප් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිය අවසන් ටෙස්ට් ඉනිමේදීත් එංගලන්තයට බලාපොරොත්තු ඉතිරි කළ හිටපු නායක ඇලිස්ටෙයාර් කුක් ඉන්දියාවට එරෙහිව ලන්ඩන් ඕවල් පිටියේදී පැවැත්වෙන පස්වැනි සහ අවසන් ටෙස්ට් තරගයේදී ලකුණු 154 කින් එංගලන්තය ඉදිරියට ගෙන ආවේය. තරගයේ තුන්වැනි දිනය වූ ඊයේ (9 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට එංගලන්ත පිල සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 114 ක් ලබා සිටි අතර කුක්  නොදැවී ලකුණු 46 ක් ද ජෝ රූට් නොදැවි ලකුණු 29 ක් ද ලබා සිටියහ. 

එංගලන්ත පිල මුල් ඉනිමේදී ලබාගත් ලකුණු 332 ට පිළිතුරු සොයා ගිය ඉන්දීය ඉනිම ලකුණු 292 දී නතර වූයේ ජේම්ස් ඇන්ඩසන්, බෙන් ස්ටෝක්ස් සහ මුයින් අලී කඩුලු දෙකක් බැගින් ලබාගත් බැවිනි.

ලන්ඩන් ඕවල් පිටියේදී නරඹන්නන් සිය අසුන් වලින් නැඟිට සිටිමින් කළ වඩත් දීර්ඝතම මෙන්ම වැඩිම ශබ්දයකින් යුතු ආචාරය පිළිගනිමින් සිය 291 වැනි ටෙස්ට් ඉනිම සඳහා පිටියට පිවිසි කුක්ට එංගලන්ත පිලේ සෙසු පිතිකරුවන්ගේ පිති උත්තමාචාරයද ලැබිණ. එය ඔහුගේ 161 වැනි ටෙස්ට් තරගය විය. 

අවසන් ටෙස්ට් තරගය වූ හෙයින් පන්දු 13 ක් පුරා තරමක් චකිතයෙන් සිටි කුක් සිය පා ඉන්න පැත්තෙන් ලකුණු ලබාගැනීම ආරම්භ කළේය. කිසිවකු සිය අසුන් වලින් නැඟිට ඉවත නොගියේ කුක්ගේ අවසන් ඉනිමේ අවසන් මොහොත දෑසට අහිමි වේ යයි බියෙනි. 

එහෙත් ඒ සන්ධ්‍යාවේ එහෙම පිටින්ම තමන් වෙත ඇලුණු දෑසින් නරඹන්නන් සිය අසුන් වල රඳවා ගැනීමට කුක් සමත් වූයේය. 

වෙනදා දකින සුපුරුදු කුක් නොවූවත් දිනය අවසන් වන විට සිය 72 වැනි අර්ධ ශතකය කරා ආසන්න වෙමින් සිටි කුක් ඒ වන විට හතරේ පහර තුනක් පමණක් සිය ඉනිමට ඇතුළත් කර තිබිණ. මෙම ඉනිමේදී කුමාර් සංගක්කාරගේ ටෙස්ට් ලකුණු 12,400 පසුකර ගිය කුක් ටෙස්ට් ඉතිහාසයේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් අතර 5 වැනි ස්ථානයද අත්පත් කරගත්තේය. 

එංගලන්ත පළමු ඉනිම - ඕවර 122 කදී සියලුදෙනා දැවී 332

ඉන්දීය පළමු ඉනිම - ඕවර 95 කදී සියලුදෙනා දැවී 292
(ලෝකේෂ් රාහුල් 37, චිතේෂ්වර් පුජාරා 37, විරාට් කෝලී 49, හනුමා විහාරී 56, රවින්ද්‍ර ජදේජා නොදැවී 86)

එංගලන්ත දෙවැනි ඉනිම -  කඩුලු 2 ක් දැවී 114
(ඇලිස්ටෙයාර් කුක් නොදැවී 46, කීටන් ජෙනින්ග් 10, මුයින් අලි 20, ජෝ රූට් නොදැවී 29) 

 

 


අදහස් (0)

කුක් එංගලන්තයේ බලාපොරොත්තු පොදි බඳී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.