ඔක්තෝබර් මුල් සතියේදී පාකිස්තානයට එරෙහිව එක්සත් ආරබී එමීර් රාජ්‍යයේදී ආරම්භ වීමට නියමිත තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන ලද 15 දෙනෙකුගෙන් සමන්විත ඕස්ටේ්‍රලියානු සංචිතයට මෙතෙක් ටෙස්ට් වරම් හිමිකර නොගත් ක්‍රීඩකයින් 5 දෙනෙකු ඇතුළත් කර ඇත. ඊට අමතරව වසර දෙකකට පසුව දකුණතින් වේගපන්දු යවන ක්‍රීඩක පීටර් සිඞ්ල් නැවතත් ඕස්ටේ්‍රලියා කණ්ඩායමට කැඳවීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
දකුණු අප්‍රිකානු සංචාරයේදී පන්දුව පළුදු කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ ඕස්ටේ්‍රලියානු පිලේ හිටපු නායක ස්ටීවන් ස්මිත්, උපනායක ඬේවිඞ් වෝනර් සහ ආරම්භක පිතිකරු කැමරන් බැන්ක්‍රොෆ්ට් තහනමට ලක්ව සිටින බැවින් මෙම සංචිතයට ඇතුළත් නොවේ. එමෙන්ම වේගපන්දු යවන්නන් වන ජොෂ් හේසල්වුඞ් සහ පැට් කමින්ස් ආබාධයන්ට ලක්වී සිටීම හේතුවෙන් එක්සත් ආරබී එමීර් රාජ්‍යයේදී පාකිස්තානය සමගින් පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය ඔවුන්ට අහිමිවී යනු ඇත.
“ප්‍රධාන ක්‍රීඩකයින් කිහිපදෙනෙකු විවිධ හේතුමත ක්‍රීඩා නොකිරීම හේතුවෙන් සැලකිය යුතු ලෙස කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුකිරීමට සිදුවූ බව” තේරීම් කමිටු නිලධාරී ටේරවර් හෝන්ස් මහතා පැවසීය.
මයිකල් නේසර්, බ්‍රෙන්ඩන් ඩොගට්, මානස් ලබුශේන්, ට්‍රැවිස් හෙඞ් සහ ඒරන් ෆින්ච් ඕස්ටේ්‍රලියානු සංචිතයට කැඳවූ මෙතෙක් ටෙස්ට් වරම් හිමිකර නොගත් ක්‍රීඩකයෝ වූහ.
පීටර් හැන්ඞ්ස්කොම්බ් සහ ග්ලෙන් මැක්ස්වෙල් පසුගිය තරගාවලියන්හිදී ලකුණු අතර නොසිටීම හේතුවෙන් මෙවර තරගාවලියෙන් ඉවත් කිරීමට සිදුවූ බව ඕස්ටේ්‍රලියානු කණ්ඩායමේ පුහුණුකරු ජස්ටින් ලැන්ගර් මහතා පැවසීය.
පාකිස්තානයට එරෙහිව පළමු ටෙස්ට් තරගය ඔක්තෝබර් 7 වැනිදා ඩුබායිහිදී ආරම්භවන අතර දෙවැනි ටෙස්ට් තරගය ඔක්තෝබර් 16 වැනිදා අබුඩාබීහිදී ආරම්භවීමට නියමිතව ඇත.
ඕස්ට්‍රේලියානු සංචිතය
ටිම් පේන් (නායක), ඇෂ්ටන් ආගර්, බ්‍රෙන්ඩන් ඩොගට්, ඒරන් ෆින්ච්, ට්‍රැවිස් හෙඞ්, ජෝන් හොලන්ඞ්, උස්මාන් කවාජා, මානස් ලබුශේන්, නේතන් ලයන්, මිචෙල් මාර්ෂ්, ෂෝන් මාර්ෂ්, මයිකල් නේසර්, මැතිව් රේන්ෂෝ, පීටර් සිඞ්ල් සහ මිචෙල් ස්ටාර්ක්.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.