මැද පෙළ පිතිකරු ජේම්ස් ටේලර් ලබාගත් ද්විත්ව (242) ශතකය නිසා රංගිරි දඹුල්ල කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි නිල නොවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තුන්වැනි දිනය වූ අද (21 වැනිදා) සිය පළමු ඉනිම වෙනුවෙන් එංගලන්ත ‘ඒ’ (ලයන්ස්) කණ්ඩායම කඩුලූ 7 ක් දැවී ලකුණු 605 ක් ලබාගත්තේය.
එතැනින් සිය මුල් ඉනිම නැවතූ ලයන්ස් කී‍්‍රඩකයෝ මෙම තරගයේදී ඉනිමක පරාජයෙන් ගැලවීමට නම් අවම වශයෙන් ලකුණු 316 ක් ලබාගන්නා ලෙස ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායමට අභියෝග කළහ. කෙසේ වෙතත් අභියෝගයට සාර්ථකව මුහුණ දුන් ශී‍්‍ර ලංකා ‘ඒ’ පිතිකරුවෝ දිනයේ කී‍්‍රඩාව අවසන් වන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකුණු 72 ක් ලබාගත්හ.
තරගයේ දෙවැනි දිනය වූ පෙරේදා (20 වැනිදා) කී‍්‍රඩාව නතර කරන විට නොදැවී ලකුණු 99 ක් ලබා සිටි ජේම්ස් ටේලර් පන්දු 339 කට මුහුණ දෙමින් හතරේ පහර 30 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 242 ක් ලබාගත්තේ ලියාම් ප්ලන්කට් (නොදැවී 74) සමග එක්ව අටවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 147 ක අඛණ්ඩ සම්බන්ධතාවක්ද ගොඩනගමිනි.
මේ වන විටත් තරගාවලියේ 1-0 ක් ලෙසින් ඉදිරියෙන් සිටින එංගලන්ත ‘ඒ’ (ලයන්ස්) කණ්ඩායම ඉදිරියට ගෙන ගිය ආරම්භක පිතිකරු සෑම් රොබ්සන් (142) සහ ජේම්ස් ටේලර් ඊයේ තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 197 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ.
තවමත් 20 හැවිරිදි කී‍්‍රඩකයකු වන තරිඳු කෞෂාල් අත්දැකීම් බහුල වෘත්තීය මට්ටමේ කී‍්‍රඩකයන් වන එංගලන්ත ‘ඒ’ කී‍්‍රඩකයන් හමුවේ සාර්ථක පන්දු යැවීමක යෙදෙමින් ලකුණු 140 කට කඩුලූ 4 ක් දවාගත්තේය.
හයවැනි සහ හත්වැනි කඩුලූ අතර සම්බන්ධතාව පිළිවෙලින් ලකුණු 52 ක් සහ 67 ක් වුවද ස්කොට් බෝර්ත්වික් (35) දැවී යාමෙන් පසුව ජේම්ස් ටේලර්ට එක්වූ ලියාම් ප්ලන්කට් 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 147 ක් එක් කිරීමට වැය කළේ ඕවර 20 කටත් අඩු සංඛ්‍යාවකි.
ශී‍්‍ර ලංකා ‘ඒ’ - පළමු ඉනිම 289
(දිමුත් කරුණාරත්න 37, මාධව වර්ණපුර 34, භානුක රාජපක්‍ෂ 68, රොෂේන් සිල්වා 73, චතුරංග ද සිල්වා 20, තරිඳු කෞෂාල් 31, ග‍්‍රැහැම් ඔනියන්ස් 24/4, ලියාම් ප්ලන්කට් 37/2, ස්කොට් බෝර්ත්වික් 61/2)
එංගලන්ත ‘ඒ’ (ලයන්ස්) - පළමු ඉනිම කඩුලූ 7 ට 605
(ඇලෙක්ස් ලීස් 11, සෑම් රොබ්සන් 142, වරූන් චොප්රා 28, ජේම්ස් ටේලර් නොදැවී 242, ජොනී බෙයාර්ස්ටෝ 27, කි‍්‍රස් වෝක්ස් 25, ස්කොට් බෝර්ත්මක් 35, ලියාම් ප්ලන්කට් නොදැවී 74, ළහිරු ගමගේ 108/2, තරිඳු කෞෂාල් 140/4)
ශී‍්‍ර ලංකා ‘ඒ’ - දෙවැනි ඉනිම කිසිවකු නොදැවී 72
(උපුල් තරංග නොදැවී 36, දිමුත් කරුණාරත්න නොදැවී 34)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.