Last Update  :  2025-06-29 19:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner එංගලන්ත පළමු ඉනිම ලකුණු 187 කට සීමාවෙයි

එංගලන්ත පළමු ඉනිම ලකුණු 187 කට සීමාවෙයි

සංජය එරමුදුගොඩ - 2019 පෙබ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඇන්ටිගුවාහිදී ඊයේ (31 වැනිදා) ආරම්භවූ දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයේදී එංගලන්ත පළමු ඉනිම ලකුණු 187 කට සීමාකිරීමට කොදෙව් පන්දු යවන්නෝ සමත්වූහ.

ලකුණු 93 කට කඩුලු 6 ක් බිඳවැටී තිබියදී හත්වැනි කඩුල්ල සඳහා ලකුණු 85 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ මොයින් අලී සහ බෙන් ෆෝක්ස් එංගලන්ත ලකුණු පුවරුව ඉහළ දැමීමට සමත්වූහ.

අර්ධ ශතක ලබාගත් ජොනී බෙයාර්ස්ටෝ ලකුණු 52 කට සහ මොයින් අලී ලකුණු 60 කට පිටියෙන් ඉවත් කිරීමට කෙමාර් රෝච් සමත්විය.

කෙමාර් රෝච් කඩුලු 4 ක්ද ශැනන් ගේබ්‍රියල් කඩුලු 3 ක් සහ අල්සාරී ජෝසප් කඩුලු 2 ක් දවාගනිමින් එංගලන්ත පළමු ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමාකිරීමට සමත්වූහ.

පළමු දිනය නිමාවනවිට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 30 ක් රැස්කර සිටියේය. ඒ සඳහා ඔවුන් ඕවර 21 ක් පන්දුවට පහරදුන්නෝය.

ක්‍රෙග් බ්‍රැත්වේට් ලකුණු 11 ක් සහ ජෝන් කැම්බල් ලකුණු 16 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිති.


එංගලන්ත පළමු ඉනිම - සියලුදෙනා දැවී 187
(ජොනී බෙයාර්ස්ටෝ 52, මොයින් අලී 60, බෙන් ෆෝක්ස් 35, කෙමාර් රෝච් 30/4, ශැනන් ග්‍රේබ්්‍රයල් 45/3, අල්සාරී ජෝසප් 38/2)

බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම - කිසිවකු නොදැවී 30

 


අදහස් (0)

එංගලන්ත පළමු ඉනිම ලකුණු 187 කට සීමාවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.