සංචාරක ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී අද (7 වැනිදා) ආරම්භවූ පස්වැනි ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම තේ පානයට තරගය නතර කරනවිට පළමු ඉනිම සඳහා කඩුල්ලක් දැවී ලකුණු 123 ක් රැස්කරගෙන සිටියේය.
අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩාකරන ඇලෙස්ටයාර් කුක් ලකුණු 66 ක් සහ මුයින් අලී ලකුණු 23 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටින අතර දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 63 ක සම්බන්ධතාවයක්ද ගොඩනැගීමට සමත්වූහ.
ඉතාමත් සෙමින් ලකුණු රැස්කිරීමේ නිරතවන ඇලෙස්ටයාර් කුක්ට අර්ධ ශතකය ලබාගැනීමට පන්දු 139 කට මුහුණදීමට සිදුවිය.
තමන් සහභාගීවූ පළමු ටෙස්ට් තරගයේදී මෙන්ම අවසන් ටෙස්ට් තරගයේදීද ශතකයක් ලබාගත් අතලොස්සක්වූ පිතිකරුවන් අතරට එක්වීමේ අවස්ථාව ඇලෙස්ටයාර් කුක්ට හිමිවී තිබෙන අතර ඔහුට එම දස්කම කිරීමට හැකිවුවහොත් එම දස්කම් සිදුකළ 5 වැනි පිතිකරුවා බවට පත්වනු ඇත.
මින් පෙර බිල් පොන්ස්ෆොර්ඞ්, ග්‍රෙග් චැපල්, රෙගී ඩෆ් සහ මොහොමඞ් අසාරූඩීන් මෙම දස්කම් කළ පිතිකරුවෝ වූහ.
ඉශාන්ත් ශර්මාගේ පන්දුවක් හමුවේ අජින්ක්‍යා රහනේ ස්ලිප්හී සිට උඩපන්දුවක් අතහැරීම නිසා ලකුණු 37 ක් රැස්කර සිටි ඇලෙස්ටයාර් කුක් ද ජස්ප්‍රීට් බුම්රාගේ පන්දුවක් හමුවේ ස්ලිප්හී පන්දු රකිමින් සිටි විරාට් කෝලී අතින් උඩපන්දුවක් ගිලිහීයාම නිසා ලකුණු 2 ක් රැස්කර සිටි මුයින් අලී ද තවදුරටත් කඩුල්ලේ රැඳී සිටීමට වාසනාවන්ත වූහ.
එංගලන්ත පළමු ඉනිම - ඕවර 28 කදී කඩුල්ලක් දැවී 123
(ඇලෙස්ටයාර් කුක් නොදැවී 66, කීටන් ජෙනිංග් 23, මුයින් අලී නොදැවී 23)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.