Last Update  :  2025-12-18 18:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner උපුල් තරංගගෙන් සටන්කාමී ශතකයක්

උපුල් තරංගගෙන් සටන්කාමී ශතකයක්

සංජය එරමුදුගොඩ - 2014 පෙබ මස 28 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

 

ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායමේ ගෞරවය රැකගනිමින් නායක උපුල් තරංග (149) පිට පිටම දෙවැනි ශතකයත් ලබාගත් හෙයින් කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවත්වෙන තුන්වැනි සහ අවසන් නිල නොවන ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වූ අද (28 වැනිදා) ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම සිය මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 339 ක් ලබාගත්තේය. දිනයේ කී‍්‍රඩාව අවසන් වන විට එංගලන්ත ‘ඒ’ (ලයන්ස්) පිල සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 39 ක් ලබා සිටියේය.

එංගලන්ත ‘ඒ’ පිල ලකුණු 461 ලබාගත් හෙයින් පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහර දීමේ අවමානනේ ගැලවීම සඳහා ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල ලකුණු 311 ක් ලබාගත යුතුව තිබිණ.

පළමු කඩුල්ල ලකුණු 32 දී බිඳ වැටුණ නමුත් ඉතාමත් ධෛර්යවත්ව අභියෝගයට මුහුණ දුන් ශී‍්‍ර ලංකා ‘ඒ’ නායකයා අංක 3 පිතිකරු මාධව වර්ණපුර සමග එක්ව දෙවනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 187 ක සම්බන්ධතාවක් ගොඩනගමින් තම පිලට අපේක්‍ෂිත ඉලක්කය කරා යාමේ මග විවර කර දුන්නේය.

පන්දු 223 කට මුහුණ දුන් තරංගගේ ඉනිමට හතරේ පහර 22 ක් ඇතුළත් වූ අතර මාධව වර්ණපුරගේ පන්දු 213 ඉනිමට හතරේ පහර 9 ක් ඇතුළත් විය.

එංගලන්ත ‘ඒ’ පිලේද කඩුලූ 5 ක් ලකුණු 172 කට බිඳ වැටුණු නමුත් හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 197 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ කි‍්‍රස් වෝක්ස් සහ ස්කොට් බෝර්ත්වික් ලයන්ස් පිලට ලකුණු 400 සීමාව කරා යාමට එංගලන්ත ‘ඒ’ පිලට පාර කපා දුන්හ. පන්දු 232 කට මුහුණ දුන් එංගලන්ත ‘ඒ’ නායකයා හතරේ පහර 16 කින් සිය ඉනිම අලංකාර කළේය. ශතකය පෙනි පෙනී ලකුණු 99 කට දැවීගිය ස්කොට් බෝර්ත්වික් පන්දු 161 කට මුහුණ දෙමින් හතරේ පහර 15 කින් සිය ඉනිම සැරසීය.

හෙට (1 වැනිදා) තරගයේ අවසන් දිනයයි


එංගලන්ත ‘ඒ’ කණ්ඩායම - පළමු ඉනිම 461
(ඇලෙක්ස් ලීස් 20, වරූන් චොප්රා 83, ජේම්ස් ටේලර් 14, ජොනී බෙයාර්ස්ටෝ 20, කි‍්‍රස් වෝක්ස් 137, ස්කොට් බෝර්ත්වික් 99, ලියාම් ප්ලන්කට් 39, ග‍්‍රැහැම් ඔනියන්ස් නොදැවී 14, විශ්ව ප‍්‍රනාන්දු 80/1, ළහිරු ගමගේ 95/2, දුෂ්මන්ත චමීර 110/1, සුරාජ් රන්දිව් 107/5, ජීවන් මෙන්ඩිස් 51/1)

ශී‍්‍ර ලංකා ‘ඒ’ - පළමු ඉනිම 339
(උපුල් තරංග 149, දිමුත් කරුණාරත්න 11, මාධව වර්ණපුර 71, භානුක රාජපක්‍ෂ 13, රොෂේන් සිල්වා 13, නිරෝෂන් දික්වැල්ල 39, විශ්ව ප‍්‍රනාන්දු නොදැවී 10, ග‍්‍රැහැම් ඔනියන්ස් 53/3, ටයිමල් මිල්ස් 49/3, සයිමන් කෙරිගන් 86/4)

එංගලන්ත ‘ඒ’ - දෙවැනි ඉනිම කඩුලූ 1 ක් දැවී 39
(සෑම් රොබ්සන් නොදැවී 18, ස්කොට් බෝර්ත්වික් නොදැවී 10, ළහිරු ගමගේ 09/1)

 

ඡායාරූපය - ශාන්ත රත්නායක


අදහස් (1)

උපුල් තරංගගෙන් සටන්කාමී ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.