ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිල සහ ඉන්දියාව අතර සී.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙදින පුහුණු තරගයේ පළමු දිනය වූ අද (21 වැනිදා) තරගය නිමාවන විට පන්දුවට පහරදෙමින් සිටින ඉන්දියාව කඩුලු 3 ක් දැවි ලකුණු 135 ක් රැස්කිරීමට සමත් විය.
විරාට් කෝලී ලකුණු 34 ක් සහ අජින්ක්‍යා රහනේ ලකුණු 30 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටින අතර සිවුවැනි කඩුල්ල සදහා ලකුණු 46 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමටද ඔවුන් සමත් වූහ.
ලෝකේෂ් රාහුල් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවීයන විට පන්දු 58 කට මුහුණදී හතරේ පහර හතක් සමගින් ලකුණු 54 ක් රැස්කිරීමට සමත් විය.
තරග ආරම්භයේ සිට ඉන්දීය පිතිකරුවන්හට දැඩි පීඩනයක් එල්ල කරමින් පන්දු යැවූ විශ්ව ප්‍රනාන්දු ලකුණු 21 කට කඩුලු දෙකක් දවාගැනීමට සමත් වූයේය.
| ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම | |||
| ධනුෂ්ක ගුණතිලක - නොදැවී | 74 | ||
| කෞෂාල් සිල්වා - ඇ .සහා ප. ශාමි | 4 | ||
| ලහිරු තිරිමාන්න - ඇ.අතිරේක ප. ජදේජා | 59 | ||
| ධනංජය ද සිල්වා - ඇ. අතිරේක ප. ජදේජා | 0 | ||
| අශාන් ප්‍රියන්ජන් - ඇ. රෙහානේ ප.ජදේජා | 2 | ||
| සඳුන් වීරක්කොඩි - ක.මු.ක ප. කුල්දීප් යාදව් | 10 | ||
| කිත්රුවන් විතානගේ-ඇ.කුමාර් ප.යාදව් | 2 | ||
| ශෙහාන් ජයසූරිය- ප.කුල්දීප් යාදව් | 1 | ||
| තරිඳු කෞෂාල් - ඇ .සහා ප. ශාමි | 1 | ||
| ලහිරු ගමගේ - ඇ. සහ ප. කුල්දීප් යාදව් | 1 | ||
| අතිරේක (නි-1, පා-1) | 4 | ||
| එකතුව ඕවර 55.5 කදී සියලු දෙනා දැවී | 187 | ||
| කඩුලු වැටීම | |||
| 1-9 (කෞෂාල් සිල්වා ), 2-139 (තිරිමාන්න), 3- 139 (ධනංජය ද සිල්වා), 4-141 (ධනුෂ්ක ගුණතිලක), 5- 145 (ප්‍රියන්ජන්), 6-161 (වීරක්කොඩි), 7-165 (විතානගේ), 8-179 (ජයසූරිය), 9-186(කෞෂාල්), 10-187 (ගමගේ) | |||
| පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ | |||
| විශ්ව ප්‍රනාන්දු ,කසුන් රාජිත | |||
| පන්දු යැවීම | |||
| මොහොමඩ් ශාමි | 5-1-9-2 | ||
| බුවනේෂ් කුමාර් | 6-1-18-0 | ||
| උමේෂ් යාදව් | 8-0-43-0 | ||
| ඉෂාන් ෂර්මා | 7-1-27-0 | ||
| හර්දික් පාණ්ඩ්‍යා | 4-1-8-0 | ||
| රවිචන්ද්‍රන් අශ්වින් | 10-2-34-0 | ||
| රවින්ද්‍ර ජදේජා | 9-0-31-3 | ||
| කුල්දීප් යාදව් | 6.5-2-14-4 | ||
| ඉන්දියාව | |||
| ලෝකේෂ් රාහුල් -ක.මු.කළා | 54 | ||
| අභිනව් මුකුන්ඩ් - ප.ප්‍රනාන්දු | 0 | ||
| චෙතෙෂ්වර් පුජාරා - ප.ප්‍රනාන්දු | 12 | ||
| විරාට් කෝලි - නොදැවී | 34 | ||
| අජින්ක්‍යා රෙහානේ - නොදැවී | 30 | ||
| අතිරේක (බ-1, නි-4) | 5 | ||
| එකතුව ඕවර 30 කදී කඩුලු 3 ක් දැවී | 135 | ||
| කඩුලු වැටීම | |||
| 1-1(මුකුන්ඩ්), 2-46 (පුජාරා), 3-89 (රාහුල්) | |||
| පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ | |||
| බුවනේෂ් කුමාර්, මොහොමඩ් ශාමි, ශිකර් ධවාන්, හර්දික් පාණ්ඩ්‍යා, රවින්ද්‍ර ජදේජා, රවිචන්ද්‍රන් අශ්වින්, කුල්දීප් යාදව්, රිදීමන් සහා, ඉෂාන් ෂර්මා, මුරලි විජේ, උමේෂ් යාදව් | |||
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිලට සියලුදෙනා දැවී රැස්කිරිමට හැකිවූයේ ලකුණු 187 ක් පමණි. දිවා ආහාරය සදහා තරගය නතර කරනවිට කඩුල්ලක් දැවී ලකුණු 112 ක් රැස්කර ගනිමින් ප්‍රබල ස්ථානයක සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිල තේ පානය සදහා තරගය නතර කරනවිට ලකුණු 75 ක් තුළ කඩුලු 9 ක් අහිමි කරගත්තේය.
ධනුෂ්ක ගුණතිලක සහ ළහිරු තිරිමාන්න අර්ධ ශතක රැස්කරමින් දෙවැනි කඩුල්ල සදහා ලකුණු 130 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් ලකුණු විශාල සංඛ්‍යාවක් කරා යෑමට අඩිතාලම දැමූවද අනෙක් පිතිකරුවන්ගේ සහයෝගය නොලැබීම නිසා නොසිතු අයුරින් ශ්‍රී ලංකා ඉනිම කඩා වැටුණි.
ධනුෂ්ක ගුණතිලක අවාසනාවන්ත දුවද්දී දැවී යාමකට හසුවන විට පන්දු 97 කට මුහුණ දෙමින් හතරේ පහර 11 ක් සමගින් ලකුණු 74 ක් රැස්කළ අතර ළහිරු තිරිමාන්න ලකුණු 59 ක් ලබාසිටියදී රවින්ද්‍ර ජඬේජාගේ පන්දුවක් හමුවේ දැවි ගියේය. පන්දු 125 කට මුහුණදුන් තිරිමාන්න දැවි යන විට හතරේ පහර පහක් සහ හයේ පහර දෙකක් ඉනිමට එක්කර ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිලේ අවසන් කඩුලු නවය ලකුණු 48 ක් තුළ දවාගැනීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූ අතර කුල්දීප් යාදව් ලකුණු 14 කට කඩුලු 4 ක් සහ රවින්ද්‍ර ජදේජා ලකුණු 31 කට කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ආරම්භක පිතිකරුවකු ලෙස ක්‍රීඩා කළ කෞෂාල් සිල්වා සිම්බාබ්වේ සමගින් පැවැති ටෙස්ට් සංචිතයෙන් ඉවත් කිරීමෙන් අනතුරුව ඉන්දියාව සමගින් පැවැත්වෙන පුහුණු තරගය සදහා නැවත කැඳවුවද දස්කම් අතරට පැමිණිමට අවස්ථාවක් හිමි නොවීය. මොහොමඞ් ශාමීගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ව්්‍රදිමාන් සහා අතට උඩපන්දුවක් දෙමින් කෞෂාල් සිල්වා ලකුණු 4 කට දැවී ගියේය.
| පන්දු යැවීම | |||
| විශ්ව ප්‍රනාන්දු | 6-0-21-2 | ||
| ලහිරු ගමගේ | 8-1-31-0 | ||
| කසුන් රාජිත | 5-0-21-0 | ||
| තරිඳු කෞෂාල් | 3-0-16-0 | ||
| ශෙහාන් ජයසූරිය | 1-0-8-0 | ||
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.