ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) තරගාවලියේ 11 වැනි අදියර, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩායම අතර මුම්බායිහිදී අද (7 වැනිදා) පස්වරු 8.00 ට පැවැත්වෙන තරගයෙන් ආරම්භ වේ.
මුම්බායි ඉන්දියන්ස්, දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස්, සන්රයිස් හයිද්‍රාබාද්, කොල්කටා නයිට්රයිඩර්ස්, චෙන්නායි සුපර්කිංග්ස්, රාජස්ථාන් රෝයල්ස්, බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් සහ කිංග්ස් ෂඞ පන්ජාබ් යන කණ්ඩායම්වල සහභාගිත්වයෙන් මෙවර තරගාවලිය පැවැත්වේ.
තරගාවලියේ මූලික වටය මැයි මස 20 වැනිදා අවසන් වන අතර ඊට තරග 56 ක් ඇතුළත් වේ. එහි පළමු අවසන් පූර්ව තරගය මැයි 22 වැනිදාද, පරාජිතයන් ඉවත් කිරීමේ තරගය 23 වැනිදා පැවැත්වේ.
පළමු අවසන් පූර්ව තරගයෙන් පරාජයට පත්වන කණ්ඩායම සහ පරාජිතයන් ඉවත් කිරීමේ තරගයෙන් ජය ලබන කණ්ඩායම අතර 25 වැනිදා දෙවැනි දෙවැනි අවසන් පූර්ව තරගය පැවැත්වේ. අවසන් මහ තරගය පැවැත්වෙන්නේ 27 වැනිදා මුම්බායිහිදීය.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.