ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය යන කණ්ඩායම් පහසුවට ගැනීමට නොහැකි බවත් සියලුම කණ්ඩායම්වලට එරෙහිව උපරිමයෙන් ක්‍රීඩා කරන බවත් ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී මේ මස 15 වැනිදා ආරම්භ වන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට පිටත්ව යෑමට පෙර අද (11) කොළඹදී පැවැති මාධ්‍ය හමුවේදී මැතිව්ස් වැඩි දුරටත් මෙසේ ද පැවසීය.
“මෙය ආසියාවේ ප්‍රධානම ක්‍රිකට් තරගාවලිය. 2014 මෙම තරගාවලියේ හොඳ මතකයක් අපිට තියෙනවා. අපි අවසන් මහ තරගයේදී පාකිස්තානය පරාජය කළා. නමුත් පසුගිය දේවල් පහුවෙලා ඉවරයි, දැන් එය ඉතිහාසය. මෙය අලුත් අසියානු කුසලාන තරගාවලියක්, නව කණ්ඩායම්ක්, නව අභියෝගයක්”
“මෙවර වෙනස්ම අභියෝගයක්, එයට මුහුණ දෙන්න අපි සූදානම්”
“බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය පහසුවට ගන්න බෑ. මේ තරගාවලිය පිළිමළුන් පිටු දැකීමේ ක්‍රමයට සමාන තරගාවලියක්. බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය පසුගිය කාළයේ හොඳට ක්‍රීඩා කළා අපි දැක්කා. ඒ නිසා සෑම තරගයක්ම හොඳින් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා”
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පළමු වටයේ තරග දෙක පිළිබඳව මෙසේ අදහස් දැක්වීය.
“බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය යන කණ්ඩායම් දෙකම ගොඩක් භයානක කණ්ඩායම්. ඒ නිසා තමයි අපි කණ්ඩායම තෝරන විට අත්දැකීම් පිළිබඳව අවධානය යොමු කළේ. දෙවැනි වටයට යන්න නම් පළමු තරග දෙක ජයගන්න ඕනේ”
“එහි පරිසරක තත්ත්වය අනුව සෑම කණ්ඩායමක්ම අභියෝගයක්. එක්සත් ආරාබිහි දැඩි උෂ්ණත්වයක් පවතිනවා. ඒ වගේම පන්දුව දෝලනය වීම, රාත්‍රීයේදී පින්න වගේ දේවල් අභියෝග වෙන්න පුළුවන්”
“අපේ පුහුණුවීම් පිළිබඳව ගොඩක් සතුටු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අපේ අවසන් පුහුණු සැසි තුන පළමු වටයේ තරග දෙකේ ප්‍රතිවාදී කණ්ඩායම් දෙක ඉල්ලක කරමින් පැවැත්වුවා”
හතුරුසිංහ මහතා ලසිත් මාලිංග සංචිතයට ඇතුළත්ව සිටීම පිළිබඳව කළ විමසුමේදී මෙසේ අදහස් දැක්වීය.
“මාලිංග ලෝක ක්‍රිකට් පිටියේ ඉතාමත් හොඳ පන්දු යවන්නෙක්. පසුගිය මාස එකාහමාරක පමණ කාලයේ ඔහු දස්කම් දැක්වුවා. ඒත් සමඟම ඔහුගේ ශාරීරික යෝග්‍යතාවත් ඉහළට ආවා”
ලසිත් මාලිංග මාධ්‍යයට අදහස් දක්වමින් මෙසේ පැවසීය.
“මගේ ලොකු බලාපොරොත්තු නෑ. එදත් තිබුණේ නෑ. අදත් නෑ. මම මුලින්ම බලාපොරොත්තු වෙන්නේ කණ්ඩායමේ එකොළොස් දෙනා අතරට එන්න. එහෙම ආවොත් හොදින් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ දේ කරන්න පුළුවන් වුණොත් ඊළඟ තරගය ලැබෙයි”
“මට මා විශ්වාසයි. මට අදත් එහෙමයි, හෙටත් එහෙමයි. මම හිතනවා මගේ ක්‍රිකට් බලපු කවුරු හරි ඉන්නවා නම් මම ඕවර 50 තරගවල පන්දු යවපු හැටි දැකලා තියෙනවා කියලා”
“මගේ සාර්ථක වෙච්ච අවස්ථා කවුරුත් දැකලා නෑ. අසාර්ථක දේ දැකපු කට්ටිය ගොඩක් ඇති. සමහර විට සාර්ථක වෙයි. සමහර විට අසාර්ථක වෙයි. මම ඒ දෙකම සතුටින් බාරගන්නවා” යැයි මාලිංග වැඩි දුරටත් පැවසීය.
ශ්‍රී ලංකා පිලේ කළමණාකරු චරිත් සේනානායක සහ ජාතික තේරීම් කමිටු සාමාජික එරික් උපශාන්ත යන මහත්වරු ද මෙම මාධ්‍ය හමුවට සහභාගි වූහ.
ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයන් 16 දෙනකු ඇතුළත්ව සිටින අතර අකිල ධනංජය හැර සෙසු ක්‍රීඩකයෝ ඩුබායි බලා ඊයේ පිටත්ව ගියහ. අකිල ධනංජය දෙවැනි වටයේදී සංචිතයට එකතු වීමට නියමිතය.
ඡායාරූපය: ළහිරු හර්ෂණ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.