සිය බිරිඳ පළමු දරු උපත බලාපොරොත්තුවෙන් සිටීම නිසා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමත් සමග දිවයිනෙන් පිටත්ව යාම දින කිහිපයකින් ප්‍රමාද කිරීමට පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයට සිදුවී තිබේ.
ආසියානු කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම එලඹෙන 11 වැනිදා රාත්‍රීයේ දිවයිනෙන් පිටත්ව යෑමට නියමිත අතර එදිනට පෙර ධනංජය පිය පදවිය ලදහොත් ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමත් සමග එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා යෑමට නියමිතය. පිය පදවිය ලබීම මත ධනංජයගේ ගමන දින කිහිපයකින් ප්‍රමාද වනු ඇත.
සිය බිරිද දරුවාට උපත ලබාදෙන තෙක් දිවයිනේ රැදී සිටීම සඳහා තමාට නිවාඩු ලබා දෙන මෙන් ධනංජය, ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ලිඛිත ඉල්ලීමක්ද කර තිබේ.
ඇඟිල්ලේ අස්ථියක සියුම් පිපුරුමක් නිසා ආබාධයකට ලක්ව සිටින දිනේෂ් චන්දිමාල්ගේ තත්වය පිළිබඳව මේ මස 10 වැනිදා යළි පරික්ෂා කරන බවත්, ඉන් අනතුරුව ආසියානු කුසලාන තරගාවලියට ඔහුගේ සහභාගීත්වය කෙසේ වේවි දැයි ප්‍රකාශ කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයෙක් පැවසීය.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.