Last Update  :  2026-01-11 22:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය අවසන් පූර්ව වටයට
13 න් පහළ ක්‍රිකට්

හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය අවසන් පූර්ව වටයට

editorial - 2026 ජන මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් මෙහෙයවනු ලබන වයස අවුරුදු 13 න් පහළ දෙවැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය සමත්විය. 

පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල් ක්‍රීඩාංගණයේ පැවති අර්ධ අවසන් පූර්ව තරගයේදී හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය විසින් කොළඹ නාලන්දා විද්‍යාලය ‘බී’ පිලට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කරන ලදි. 

හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය වෙනුවෙන් ඔමික දහනායක තුන් ඉරියව් දස්කම් දැක්වීය. ඔමික දහනායක නොදැවී ලකුණු 80ක් රැස් කළ අතර ලකුණු 20 කට කඩුලු 4ක් ද දවාලීය.


හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය - පළමු ඉනිම ඕවර 50 කදී කඩුලු 4 ට- 198 යි
(ඔමික දහනායක නොදැවී 80, රුසඳු වික්‍රමසිංහ 56) 

නාලන්දා විද්‍යාලය ‘බී’ කණ්ඩායම - පළමු ඉනිම -ඕවර 41.2 කදී 79 යි 
(රිවිනු අබේකෝන් 25, ඔමික දහනායක 20/4)


අදහස් (0)

හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.