Last Update  :  2025-05-14 11:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket හේෂාන් (131) ඉසිපතන විදුහල අවසන් මහ තරගයට ගෙනඑයි

හේෂාන් (131) ඉසිපතන විදුහල අවසන් මහ තරගයට ගෙනඑයි

සංජය එරමුදුගොඩ - 2015 අගෝ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හේෂාන් ධනුෂ්ක ගේ (නොදැවී 131) වේගවත් ශතකය නිසා අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට කොළඹ ඉසිපතන විදුහල අද (22) සමත් විය.

කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (22) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී ඉසිපතන විදුහල් ක‍්‍රීඩකයෝ කඩුලූ 7 කින් මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල පරාජය කිරීමට සමත් වූහ.

ඉසිපතන විදුහල් පිල ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ලැබුණු ලකුණු 258 ක ජයග‍්‍රාහි ඉලක්කය  ඕවර 38.2 කදී කඩුලූ 3 ක් පමණක් දැවී සම්පූර්ණ කළේය.

හේෂාන් ධනුෂ්ක පන්දු 91 කදී හයේ පහර 10 ක් සහ හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 131 ක් රැස්කරමින් ශාන්ත සෙබස්තියන් විදුහලෙන් ජයග‍්‍රහණය උදුරා ගැනීමට සමත් විය.  

ශාන්ත සෙබස්තියන් විදුහල ඉනිමේ 38 වැනි  ඕවරයේදී වර්ෂාව ඇද හැලීම නිසා තරගය පැයකට ආසන්න කාලයක් අත්හිටුවා තැබීමට සිදුවීමෙන් ඉනිමක්  ඕවර 42 කට සීමා කළේය.

අවිෂ්ක ප‍්‍රනාන්දු නැවතත් විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 82 කදී හතරේ පහර 9 ක් සහ හයේ පහර 6 ක් සමගින් ලකුණු 101 ක් රැස්කරමින් ශාන්ත සෙබස්තියන් විදුහල ඔසවා තැබීමට සමත් විය.

ආනන්ද විදුහල සහ ඉසිපතන විදුහල අතර අවසන් මහ තරගය මේ මස 27 වැනිදා ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.   

 

ලකුණු පුවරුව  
   
ශාන්ත සෙබස්තියන් විදුහල  
   
නුවනිදු ප‍්‍රනාන්දු - ඇ. හර්ෂ ප. සංජුල  16
මන්තිල විජේරත්න - ඇ. අයන ප. සංජුල  16
අවිෂ්ක ප‍්‍රනාන්දු - ඇ. රසුර ප. අයන 101
මලින්ත පීරිස් - ස්ටම්ප් හර්ෂ ප. ළහිරු 38
තරූෂ ප‍්‍රනාන්දු - ප. රසුර 21
නිෂේන් සිල්වා - නොදැවී  13
ගිහාන් සේනානායක - ඇ. නිරංජන් ප. අයන 0
ප‍්‍රවීන් ජයවික‍්‍රම - නොදැවී  1
අතිරේක 19
   
එකතුව  ඕවර 42 කදී කඩුලූ 6 ක් දැවී  225
   
කඩුලූ වැටීම:  
1-39(නුවනිදු ප‍්‍රනාන්දු), 2-54(මන්තිල විජේරත්න), 3-136(මලින්ත පීරිස්), 4-200(අවිෂ්ක ප‍්‍රනාන්දු), 5-213(තරූෂ ප‍්‍රනාන්දු), 6-214(ගිහාන් සේනානායක)
   
පන්දු යැවීම:  
නිරංජන් වන්නිආරච්චි: 5-1-31-0, රසුර වින්සුර: 7-0-48-1, කුසල් ඩිල්ෂාන්: 2-0-11-0, සංජුල බණ්ඩාර: 9-0-33-2, ළහිරු ඩිල්ෂාන්: 6-0-29-1, කලන පෙරේරා: 2-0-12-0, අයන සිරිවර්ධන: 9-1-33-2, හේෂාන් ධනුෂ්ක: 2-0-21-0
   
ඉසිපතන විදුහල  
   
කලන පෙරේරා - ක. මූ. කළා ප. තරුෂ 25
හර්ෂ රත්නායක - ඇ. නුවනිදු ප. ගිහාන්  26
හේෂාන් ධනුෂ්ක - නොදැවී 131
සංජුල අබේවික‍්‍රම - ඇ. නිෂේන් ප. අවිෂ්ක  30
අයන සිරිවර්ධන - නොදැවී  37
අතිරේක 12
එකතුව  ඕවර 38.2 කදී කඩුලූ 3 ක් දැවී  261
   
කඩුලූ වැටීම:  
1-40 (හර්ෂ රත්නායක), 2-77(කලන පෙරේරා), 3-162(සංජුල අබේවික‍්‍රම)
   
පන්දු යැවීම:  
අවිෂ්ක ප‍්‍රනාන්දු: 5-0-40-1, නිෂේන් සිල්වා: 5-0-17-0, ගිහාන් සේනානායක: 1.2-0-17-1, නුවනිදු ප‍්‍රනාන්දු: 8-0-42-0, ප‍්‍රෂාන් ප‍්‍රනාන්දු: 0.4-0-3-0, තරූෂ ප‍්‍රනාන්දු: 7.2-0-53-1, ප‍්‍රවීන් ජයවික‍්‍රම: 8-0-58-0, මලි`දු උත්පල: 1-0-9-0, විමුක්ති ද මෙල්: 2-0-19-0

අදහස් (0)

හේෂාන් (131) ඉසිපතන විදුහල අවසන් මහ තරගයට ගෙනඑයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.