Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket හික්කඩුව ශ්‍රී සුමංගල අවසන් මහ තරගයට

හික්කඩුව ශ්‍රී සුමංගල අවසන් මහ තරගයට

editorial - 2023 ඔක් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් වයස අවුරුදු 17 න් පහළ III වැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලය සමත් විය.

හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය (බී කණ්ඩායම) අතර පැලවත්ත සීනි සමාගම් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් පූර්ව තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව අවසන් විය. එහෙත් තරඟාවලියේ කොන්දේසිය අනුව මෙතෙක් පැවති තරග වලදී ඉහළම සාමාන්‍ය ලකුණු ලබාගත් බැවින් හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලය අවසන් මහා තරඟයට සුදුසුකම් ලබාගත්තේය.  

හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලය සහ බණ්ඩාරවෙල සාන්ත තෝමස් විද්‍යාලය අතර III වැනි කොටසේ අවසන් මහා තරගය පැවැත්වේ. ඒ සඳහා තවමත් දින නියම කර නැත. 


හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලය - ඕවර 48.5 කදී සියලු දෙනා දැවී 282 යි
(විනෝද් ධනුෂ්ක 62, කවීෂ සඳරුවන් 50, විහඟ නිම්සර 46, චමත්ක කවීෂාන් 38, සොහාන් ඉසිවර 20, විනුග හේවගේ 52/4, අනුහස් සෙනෙවිරත්න 56/4)

කුරුණෑගල මලියදේව විද්‍යාලය (බී කණ්ඩායම) ඕවර 07 කදී කඩුලු 2 ට 43 යි

 - 213


අදහස් (0)

හික්කඩුව ශ්‍රී සුමංගල අවසන් මහ තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.