Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 36 තරගය ලෙස රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර මුම්බායිහිදී අද (23 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 9 ක පහසු ජයක් වාර්තා කිරීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් විය. මේ දක්වා තරග 7 කට ක්‍රීඩා කර ඇත සන්රයිසස් කණ්ඩායම එහිදී ලැබූ 5 වැනි ජයග්‍රහණය මෙය විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 69 ක පහසු ඉලක්කයක් හඹාගිය සන්රයිසස් ක්‍රීඩකයොා් ඕවර 8 ක් අවසානයේ කඩුල්ලක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. එහිදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමග පන්දු 28 කින් ලකුණු 47 ක් රැස්කළ ආරම්භක පිතිකරු අභිෂේක් ශර්මා සිය කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායමට මාකෝ ජැන්සන්ගේ සහ ටී. නටරාජන්ගේ දක්ෂ පන්දු යැවීම් හමුවේ ඕවර 16.1 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 68 ක් පමණි. ජැන්සන් ලකුණු 25 කට කඩුලු 3 ක්ද, නටරාජන් ලකුණු 10 කට කඩුලු 3 ක්ද දවාගනිමින් බැංගලෝර් ඉනිම වැනසූහ.
පිතිකරුවන් 8 දෙනෙකුම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමටත් මත්තෙන් දැවී යෑම බැංගලෝර් කණ්ඩායමට විශාල පාඩුවක් විය. එහිදී හිටපු නායක විරාට් කෝලි පිට පිටම දෙවැනි වරටත් මුහුණදුන් පළමු පන්දුවෙන්ම දැවී යෑමද කැපී පෙනෙන සිදුවීමක් විය.
රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල - ඕවර 16.1 කදී සියලු දෙනා දැවී 68
සයුෂ් ප්‍රභූදේසායි 15, ටී. නටරාජන් 10/3, මාකෝ ජැන්සන් 25/3, ජයදීෂ සුචිත් 12/2)
සන්රයිසස් හයිද්‍රාබාද් පිල - ඕවර 8 කදී කඩුල්ලක් දැවී 72
(අභිෂේක් ශර්මා 47, කේන් විලියම්සන් නොදැවී 16)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.