Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සොහොයුරන්ගේ සටන 8 - 9 අම්බලන්ගොඩදී

සොහොයුරන්ගේ සටන 8 - 9 අම්බලන්ගොඩදී

editorial - 2023 ජුලි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(බළපිටියේ - එස්. ඒ. වයි. ද සිල්වා සහ කරන්දෙණිය එම්.සුසිල් පියන්ත)

අම්බලන්ගොඩ මාදම්පා විදුහල සහ වතුගෙදර ශ්‍රීපති විදුහල අතර  සොහොයුරන්ගේ සටන වාර්ෂික ක්‍රිකට් තරගය මේ මස 8 සහ 9 දෙදින අම්බලන්ගොඩ නගර සභා පිටියේදී පැවැත්වේ. මෙම තරගය දෙවැනි වරට පැවැත්වෙන්නකි.

පසුගිය වසරේ පැවති මංගල සොහොයුරන්ගේ තරගය ජයපරාජයෙන් තොරව නිමාවට පත්විය.

සිතුම් කල්හාර මාදම්පා විදුහල් කණ්ඩායමේ නායකයා ලෙසත් උමේෂ් මධුශංක උප නායකයා ලෙසත් කටයුතු කරති. ශ්‍රීපති විදුහල් කණ්ඩායමේ නායකයා ලෙස පසිදු දිල්ෂාන්ද සිතුම් අංජන එහි උප නායකයා ලෙසද කටයුතු කරති.

මේ දෙවිදුහලම අන්තර් පාසල් කිකට් තරගාවලියේ තෙවැනි කොටසින් තරග වදින කණ්ඩායම් දෙකකි. ශ්‍රීපති විදුහල ක්‍රිකට් ක්‍රීඩාවට ආගන්තුක පාසලක් වුදද මාදම්පා විදුහලට සැලකිය යුතු ක්‍රිකට් ඉතිහසයක් තිබේ. ශ්‍රී ලංකා වයස 19න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කළ පසිඳු ඉසිර, හරීන් බුද්දිල සහ මල්ෂ තරුපති මාදම්පා විදුහලෙන් ක්‍රිකට් පිටියට පිවිසි ක්‍රීඩකයෝ වෙති.

මෙවර අන්තර් පාසල් තරග වාරයේදි  මාදම්පා විදුහල  එක් දින තරග පහකට මුහුණදී එයින් ජයගෙන ඇත්තේ එක් තරගයකි. අනෙක් තරග හතරම පරාජයට පත්වී තිබේ.

ශ්‍රීපති විදුහල මේ තරගවාරයේදී එක් දින තරග හතරකට සභාගීවී තරගයක් ජයගෙන තවත් තරගයක් පරාජයට පත්වී තිබේ. අනෙක් තරග දෙකම වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව නිමාවට පත්වී තිබේ.

 

මාදම්පා විදුහල් කණ්ඩායම

වමේ සිට පළමු පේලිය

ආර්. දිනුෂා සංජීවනී මහත්මිය (ක්‍රිකට් භාර ආචාරිණී), පී. ඩබ්ලිව්. සෙනුර ලක්වීන් මහතා (ක්‍රිකට් සහය පුහුණුකරු), ඇම්. උමේෂ් මධුසංක (උප නායක), සම්පත් පෙරේරා මහතා (නියෝජ්‍ය විදුහල්පති), පී. චාමික සුරේෂ් සේනාරත්න ද සිල්වා මහතා (විදුහල්පති), ඩී. රොෂාන් කුමාර ද සොයිසා මහතා (සහකාර විදුහල්පති), පී. ඩබ්ලිව්. සිතුම් කල්හාර (නායක), පී. ඩබ්ලිව්. පරාක්‍රම වීරසිංහ මහතා (ප්‍රධාන පුහුණුකරු), එච්. ශ්‍රියාලතා ගුණසේකර මහත්මිය (සහකාර විදුහල්පති)

සෙසු ක්‍රීඩකයෝ

එස්. දෙනුවන් පසින්ද, ටී. දහම් සත්සර මැන්දිස්, චමෝද් රසාංජන, හිමාෂ් ප්‍රියශාන්ත, කේ. සහස් අනුපම, ඉෂාන් කුමාර, ඩබ්ලිව්. ඩී. සුමේධ සම්පත්, එච්. විනෝද් ලක්ෂාන්, කේෂාන් දිල්හාර, එච්. ටිලීෂ නෙතුම්, කේ. සංදීත් රශ්මික, ඕ. එම්. උමංග පැතුම්, ඕ. නිතීෂ් තේජාන්, කේ. හිරුෂ සංසිත්, එන්. නදුන් කවිශ්ක, ශාමල් ප්‍රභාෂ්, එච්. ජී. කවික මධුෂාන්, ඒ. ලෝචන

 

 

ශ්‍රීපති විදුහල් කණ්ඩායම

වමේ සිට පළමු පේලිය

සිතුම් අංජන (උප නායක), කේශාන් කාවින්ද මහතා (කනිෂ්ඨ පුහුණුකරු), සංජීව මණික්කුවාවඩු මහතා (ක්‍රිකට් භාර ආචාර් ය), චමත් ප්‍රදීප් මහතා( ක්‍රීඩා භාර ආචාර්ය), නීශා නාගහවත්ත මහත්මිය (නියෝජ්‍ය විදුහල්පතිනි), ජී. අයි. ද සොයිසා මහතා (විදුහල්පති), නුගගහලන්දේ සුමනජෝති හිමි (නියෝජ්‍ය විදුහල්පති), හර් ෂ ප්‍රදීප් මහතා (ජ්‍යේෂ්ඨ පුහුණුකරු), පසිඳු දිල්ශාන් (නායක)

සෙසු ක්‍රීඩකයෝ

උදිත සත්සර, සචින්ත කෞශල්‍ය, දෙනෙත් පැහැසර, ජනිදු අනුහස්, කළණ සත්සර, දිනුජ දෙනුවන්, සිතුම් අංජන, සුපුන් සත්සර, හිරුන් සඳනෙත්, පන්සිලු පබසර, තරුෂ නෙත්සර, මහීෂ පැහැසර, හරිත් නෙත්සර, සුවහස් සංදීප, ඉසුරු උදයංග, නෙත්සර ප්‍රබෝධ

 


අදහස් (0)

සොහොයුරන්ගේ සටන 8 - 9 අම්බලන්ගොඩදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.