අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ පළමු වටය අවසාන වන විට ‘ඒ’ ශ්‍රේණිය යටතේ පැවැත්වෙන තරගාවලියේ සුපිරි අටේ තරග වටය සදහා ‘ඒ’ කාණ්ඩයෙන් සුදුසුකම් ලබාගැනීමට එස්.එස්.සී, රාගම, කෝල්ට්ස් සහ සැරසන්ස් කණ්ඩායම් සමත්වූ අතර හලාවත මේරියන්ස්, බී.ආර්.සී, එන්.සී.සී සහ වරාය අධිකාරිය යන කණ්ඩායම් ‘බී’ කාණ්ඩයෙන් සුදුසුකම් ලබාගැනීමට සමත්වූහ.
පළඟ ශූරතාව සදහා පැවැත්වෙන තරග වටය සදහා ‘ඒ’ කාණ්ඩයෙන් සුදුසුකම් ලබාගැනීමට සී.සී.සී, මූවර්ස් සහ බ්ලූම්ෆීල්ඞ් කණ්ඩායම් සමත්වූ අතර ‘බී’ කාණ්ඩයෙන් සුදුසුකම් ලබාගැනීමට ද්‍රවිඩ සංගමය, යුදහමුදාව සහ බදුරලිය කණ්ඩායම් සමත්වූහ.
මූලික වටය අවසාන වනවිට ‘ඒ’ කාණ්ඩයෙන් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ප්‍රසාද ලකුණු 71.155 ක් ලබාගත් එස්.එස්.සී කණ්ඩායම සමත්වූ අතර. ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ප්‍රසාද ලකුණු 101.445 ක් ලබාගත් හලාවත මේරියන්ස් කණ්ඩායම සමත්විය.
මූලික වටයේ තරග හයකට සහභාගිවූ එස්.එස්.සී කණ්ඩායම තරගයක් ජයගෙන තරග පහක් ජය පරාජයෙන් තොරව අවසන් කරගෙන ඇති අතර හලාවත මේරියන්ස් කණ්ඩායම තරග හයකට සහභාගිවී ඉන් තරග පහක් ජයගෙන එක් තරගයක ලකුණු සමවීමෙන් අවසන්වී ඇත.
සුපිරි අටේ තරග වටය සදහා සුදුසුකම් ලබාගත් කණ්ඩායම් මුලික වටයේ තම කාණ්ඩයේදි තරග වැදුණු කණ්ඩායම් තුන සමගින් ක්‍රීඩා නොකරන අතර අනෙක් කණ්ඩායම් හතර සමගින් තරග වැදීමට නියමිතව ඇත. එමෙන්ම සුපිරි අටේ තරග වටය සදහා සුදුසුකම් ලබාගත් කණ්ඩායම් මූලික වටයේදී තරග වැදුණු කණ්ඩායම් තුන සමගින් ක්‍රීඩාකර ලබාගත් ප්‍රසාද ලකුණුද රැගෙන එන්නේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.