Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සිරිකුරුස විදුහල අවසන් පූර්ව වටයට

සිරිකුරුස විදුහල අවසන් පූර්ව වටයට

editorial - 2023 මාර් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පාසල් II කොටසේ ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කළුතර සිරි කුරුස විදුහල සමත් විය.

කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී මහනුවර විද්‍යාර්ථ විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කරමින් සිරි කුරුස ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයේ ස්ථානයක් වෙන්කරවා ගත්හ.

ජයග්‍රහණය සඳහා ලකුණු 156 ක ඉලක්කයක් හඹාගිය සිරි කුරුස ක්‍රීඩකයෝ, තරගය නිමාවට පත්වන විට කඩුලු 8 ක් දැවී ලකුණු 69 ක් ලබා සිටියහ. සිරි කුරුස පළමු ඉනිමේදී කඩුලු 4 ක් දවාගත් විද්‍යාර්ථ විදුහලේ ආදිත්‍ය කලල්පිටිය දෙවැනි ඉනිමේදීද කඩුලු 5 ක් බිඳහෙළු නමුත් ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය.


විද්‍යාර්ථ විදුහල් පළමු ඉනිම - ඕවර 53.4 කදී සියලු දෙනා දැවී 144
(සහන් චන්ද්‍රසිරි 64, හංසජ බ්‍රයන් 33/4, සොනාල් අවදික 24/3, හිවින් කෙනුල 28/3)

සිරි කුරුස විදුහල් පළමු ඉනිම - ඕවර 63.4 කදී සියලු දෙනා දැවී 156  
(ගයන්ත නදීෂ 34, සනුක චෙරාන් 29, පසිඳු විමංස 21, නදීර දේෂාන් 20, චමල්ක බණ්ඩාර 51/6, ආදිත්‍ය කලල්පිටිය 41/4)

විද්‍යාර්ථ විදුහල් දෙවැනි ඉනිම - ඕවර 28 කදී කඩුලු 6 ක් දැවී 167
(පුබුදු තාරක 71, සහන් චන්ද්‍රසිරි 37, අනිෂ්ක ගුණරත්න නොදැවී 20, සොනාල් අවදික 20/2, හිවින් කෙනුල 55/2)

සිරි කුරුස විදුහල් දෙවැනි ඉනිම - ඕවර 39 කදී කඩුලු 8 ක් දැවී 69
(ආදිත්‍ය කලල්පිටිය 33/5, දනූප කොඩිකාර 02/2)

 


අදහස් (0)

සිරිකුරුස විදුහල අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.