Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සිම්බාබ්වේ - ශ්‍රී ලංකා තරගාවලිය කොළඹදී

සිම්බාබ්වේ - ශ්‍රී ලංකා තරගාවලිය කොළඹදී

editorial - 2023 දෙසැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරගාවලියේ සියලුම තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට තීරණය කර තිබේ. සිම්බාබ්වේ පිලට එරෙහි සීමිත ඕවර තරගාවලිය ජනවාරි මස 6 වැනිදා ආරම්භ වෙයි.

වයස 19 න් පහළ ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබිණු බැවින් සිම්බාබ්වේ පිලට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබූ එක්දින තරගාවලිය පල්ලෙකැළේදීත් විස්සයි-20 තරගාවලිය දඹුල්ලේදීත් පැවැත්වීමට කටයුතු යොදා තිබිණ. එහෙත් 19 න් පහළ ලෝක කුසලාන තරගාවලිය දකුණු අප්‍රිකාවට ගෙනයාම නිසා සිම්බාබ්වේ පිලට එරෙහි තරගාවලිය කොළඹදී පැවැත්වෙයි.

 

සිම්බාබ්වේ කණ්ඩායම ජනවාරි 03 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

■ පස්වරු 2.30 ට ආරම්භ වන එක්දින තරග තුන ජනවාරි 6, 8 සහ 11 දිනවලදී පැවැත්වෙයි.

■ රාත්‍රී 7.00 ට ආරම්භ වන විස්සයි-20 තරග තුන ජනවාරි 14, 16 සහ 18 දිනවලදී පැවැත්වෙයි.

 

- 213


අදහස් (0)

සිම්බාබ්වේ - ශ්‍රී ලංකා තරගාවලිය කොළඹදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.