Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
විර්දිමාන් සාහාගේ (නොදැවී 67) පිතිහරඹයත්, මොහොමඩ් ෂාමීගේ (19/2) දක්ෂ පන්දු යැවීමත් හේතුවෙන් චෙන්නායි සුපර් කිංග්ස් පිලට එරෙහිව මුම්බායිහිදී අද (15 වැනිදා) පැවැති ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ 62 වැනි තරගය කඩුලු 7 කින් ජයගැනීමට ගුජරාට් ටයිටන්ස් පිල සමත්විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 134 ක ඉලක්කයක් හඹාගිය ගුජරාට් ටයිටන්ස් පිල ඕවර 19.1 කදී කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය පහසුවෙන් ජය ගැනීමට සමත්විය.
ජයග්‍රහණය කරා සිය කණ්ඩායම රැගෙන ගිය ආරම්භක පිතිකරු විර්දිමාන් සාහා පන්දු 57 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමගින් නොදැවී ලකුණු 67 ක් ලබාගැනීමට සමත්විය. මැතිව් වේඩ් පන්දු 15 කදී හතරේ පහර 2 ක් සමගින් ලකුණු 20 ක් ලබාගත්තේය.
මංගල තරගයට එක්වූ මතීෂ පතිරණ ඕවර 3.1 කදී ලකුණු 24 කට කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කිංග්ස් පිලට ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 133 ක් පමණි.
රුතුරාජ් ගයික්වාඩ් පන්දු 49 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 53 ක් සහ නාරායන් ජගදීසන් පන්දු 33 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 39 ක් ලබාගත් නමුත් සෙසු පිතිකරුවන්නේ දුර්වල පිතිහරඹයන් හේතුවෙන් චෙන්නායි පිලට ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට අවස්ථාව හිමිනොවූහ.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ මොහොමඩ් ෂාමී සිය ඕවර 4 ලකුණු 19 කට සීමා කරමින් කඩුලු 2 ක් දවාගැනීමට සමත්විය.
චෙන්නායි සුපර් කිංග්ස් - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 133
(රුතුරාජ් ගයික්වාඩ් 53, නාරායන් ජගදීසන් නොදැවී 39, මොයින් අලී 2, මොහොමඩ් ෂාමී 19/2)
ගුජරාට් ටයිටන්ස් - ඕවර 19.1 කදී කඩුලු 3 ක් දැවී 137
(විර්දිමාන් සාහා නොදැවී 67, මැතිව් වේඩ් 20, මතීෂ පතිරණ 24/2)
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.