අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ වාද්දුව මැදි විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ‘බී’ කණ්ඩායම අතර වාද්දුව මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කොටසේ තරගයේදී කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට සාන්ත තෝමස් විදුහල් ‘බී’ කණ්ඩායම සමත් විය.
එහිදී සාන්ත තෝමස් විදුහල් ‘බී’ කණ්ඩායම වෙනුවෙන් ශතකයක් ලබාගැනීමට අනුක් පලිහවඩන (නොදැවී 111) සමත් වූ අතර වාද්දුව මැදි විදුහලේ අමිල තුරුවන් (98) ශතකය පෙනි පෙනී දැවී ගියේය.
වාද්දුව මැදි විදුහල - ඕවර 47.2 කදී සියලු දෙනා දැවී 175
(අමිල තුරුවන් 98, ෂෙහාන් අක්ෂන 31, හර්ෂ එරන්දක 20, ෂෙරෝන් ලියනගේ 07/3, මලිඳු රබෙල් 19/2, ඉඳුනෙත් ප්‍රනාන්දු 32/2, දුලීප් පෙරේරා 33/2)
සාන්ත තෝමස් විදුහල් ‘බී’ පිල - ඕවර 36.5 කදී කඩුලු 3 ක් දැවී 177
(අනුක් පලිහවඩන නොදැවී 111, අහමඞ් ජනීත් 26, අමිල තුරුවන් 22/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.