Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සාන්ත තෝමස් ලකුණු 242 ක් ඉදිරියෙන්

සාන්ත තෝමස් ලකුණු 242 ක් ඉදිරියෙන්

editorial - 2020 මාර් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(යොහාන් භාසුර)

කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 141 වැනි ‘නිල් මහ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (13 වැනිදා) පස්වරුවේ ක්‍රීඩාව අත්හිටුවන විට රාජකීය විදුහල් පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලු හතරක් දැවී ලකුණු 127 ක් රැස්කර සිටියේය. දෙවැනි දිනයේ ක්‍රීඩාව අත්හිටුවන විට ශාන්ත තෝමස් විදුහල ලකුණු 242 ක් ඉදිරියෙන් සිටියේය.
 
ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල නියෝජනය කරමින් යොවුන් ලෝක කුසලාන තරගාවලියේදී දස්කම් දැක්වූ අහන් වික්‍රමසිංහ පන්දු 40 කින් ලකුණු 24 ක් පමණක් ලබා සිවුවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත්ව යෑමෙන් රාජකීය විදුහල් පිල සසළ විය. ප්‍රබල පිතිකරු කමිල් මිෂාර ලකුණු 32 ක් ලබා දැවීයෑම රාජකීය විදුහලට පාඩුවක් බවට පත්විය.

පළමු දිනයේ ක්‍රීඩාව අත්හිටුවන විට කඩුලු හයක් දැවී ලකුණු 272 ක් රැස්කර සිටි සාන්ත තෝමස් විදුහලේ පළමු ඉනිම ඊයේ දිවා විවේකයෙන් පසු ලකුණු 369 කට සීමාවිය.

ගැවින් බොතේජු පන්දු 176 කින් ලකුණු 54 ක් රැස්කරමින් ඊයේ සාන්ත තෝමස් විදුහල් ඉනිමට තෙවැනි අර්ධ ශතකය එකතු කළේය.

හෙට (14 වැනිදා) තරගයේ තෙවැනි සහ අවසන් දිනයයි.  
 
ශාන්ත තෝමස් විදුහල පළමු ඉනිම ඕවර 128.2 කදී සියලු දෙනා දැවී 369
(දිල්මින් රත්නායක 23, ශලීන් ද මෙල් 85, රයන් ප්‍රනාන්දු 70, උමයංග සුවාරිස් 21, ගැවින් බොතේජු 54, මනීෂ රූපසිංහ 25, තෙවින් ඊරියගම 47, කවිඳු පතිරත්න 85/2, ගීෂාන් බාලසූරිය 66/2)

රාජකීය විදුහල පළමු ඉනිම ඕවර 55 කදී කඩුලු 4 ට 127
(කමිල් මිෂාර 32, කෞෂාන් බාලසූරිය 31, කවිඳු මදාරසිංහ 23, අහන් වික්‍රමසිංහ 24, ක්‍රිෂාන් මුණසිංහ 38/2)  


අදහස් (0)

සාන්ත තෝමස් ලකුණු 242 ක් ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.