Last Update  :  2026-04-09 20:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සහෝදරයින්ගේ සටන අද - හෙට අහුන්ගල්ලේදී
මහ ක්‍රිකට් තරග - 2026

සහෝදරයින්ගේ සටන අද - හෙට අහුන්ගල්ලේදී

editorial - 2026 අප්‍රේ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

අම්බලන්ගොඩ මාදම්පා විද්‍යාලය සහ අහුන්ගල්ල රාජපක්ෂ විද්‍යාලය අතර දෙවැනි වරටත් සංවිධානය කෙරෙන සහෝදරයින්ගේ සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය අපේල් මස 9 සහ 10 දෙදින අම්බලන්ගොඩ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.මෙවර  තරගයේ සත් කාරකත්වය දරනුයේ අහුන්ගල්ල රාජපක්ෂ විද්‍යාලය විසිනි.

ගිය වසරේ අම්බලන්ගොඩ නගර සභා පිටියේ පැවති මංගල සහෝදරයින්ගේ සටන ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය.

මේ දෙවිදුහලම අන්තර් පාසල් ක්‍රිකට්  තරගාවලිවලදී තරග කරනුයේ තුන් වැනි කොටසේ වන අතර මාදම්පා විද්‍යාලයට ක්‍රිකට් ඉතිහාසයක් ඇතිමුත් අහුන්ගල්ල රාජපක්ෂ විද්‍යාලයට එතරම් දිගු ක්‍රිකට් ඉතිහාසයක්  නොමැති තරම්ය. එය සාක්ෂාත් කරමින් මේ වන විට මාදම්පා විද්‍යාලය විසින්  ජාතික තලයට ක්‍රිකට්  ක්‍රීඩකයින්  දෙදෙනෙකු බිහිකර තිබේ. හරීන් බුද්දිල සහ මල්ෂ තරුපති ඔවුහුය.

අහුන්ගල්ල රාජපක්ෂ විද්‍යාලයට  තවමත් එවන් හපන් කමක් දැක්වීමට නොහැකිවී ඇත්තේ ක්‍රිකට්  ක්‍රීඩාවට  ඇති ආධුනිකත්වය  නිසාමය.

මෙවර සහෝදරයින්ගේ සටන ක්‍රිකට්  තරගයේදී අහුන්ගල්ල රාජපක්ෂ විදුහල් කණ්ඩායම පැහැසර දිනුදු ද අම්බලන්ගොඩ මාදම්පා විදුහල් කණ්ඩායම ටෙලීෂ නෙතුම් ද මෙහෙයවනු ලබති.

 

මාදම්ප විදුහල් කණ්ඩායම:-
ටෙලීෂ නෙතුම්(නායක),කවික මධුසංක(උප නායක),නිතිෂ් තේජාන්,සහස් අනූපම,විනෝද් ලක්ෂාන්,හිමාෂ් ද සිල්වා,සදිත් ද සිල්වා,ඉසුරු සඳරුවන්,දනිජ නවෝදය,සසිරු දෙව්මින,සවේන් හිම්සදු ,දුලන සෙසත්,යෝෂිත උදයංග,බිමාෂ අභිමන්,රුසිරු ද සිල්වා,තමීර නිම්සිත,අකේන් ජනිරු,මෙනුක රන්සර)

 

අහුන්ගල්ල රාජපක්ෂ විදුහල් කණ්ඩායම:-

පැහැසර දිනුදු (නායක),රුමේෂ් ලක්ෂාන්(උප නායක),හිමේෂ් මධුරංග,දිනෙත් නිලක්ෂ,කවීෂ ශාත්මල්,ශානුක ලක්ෂාන්,සිතිජ දුල්ෂාන්,කවීෂ හිම්සල්,වින්දය සංකල්ප,චමිත් මලීෂ,රුශේන් ශාමීන්,අශාන් කුමාර,මලිදු ලක්ෂාන්,ටෙසඳු බිම්සර,පමීත් ගිම්සර


අදහස් (0)

සහෝදරයින්ගේ සටන අද - හෙට අහුන්ගල්ලේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.