Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සහෝදරයන්ගේ සටන හෙට - අනිද්දා

සහෝදරයන්ගේ සටන හෙට - අනිද්දා

editorial - 2023 පෙබ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද)

කොළඹ තර්ස්ටන් විදුහල සහ ඉසිපතන විදුහල අතර ‘බ්ලැක්හැම් විජේවර්ධන’ කුසලාන වෙනුවෙන් 60 වැනි වරටත් පැවැත්වෙන වාර්ෂික මහ ක්‍රිකට් තරගය හෙට (24 වැනිදා) සහ අනිද්දා (25 වැනිදා) කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙම වසරේදී තර්ස්ටන් විදුහල් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ශානික්‍ය දේශප්‍රියට හිමිවී ඇති අතර විහස් තෙව්මික කණ්ඩායමේ උප නායකයා ලෙස කටයුතු කරයි. නවීන් කනිෂ්ක මෙවර ඉසිපතන විදුහල් කණ්ඩායමේ නායකත්වය දරණ අතර කණ්ඩායමේ උප නායකත්වය සිතුක ගුණවර්ධනට හිමිව තිබේ.

දෙවිදුහල් අතර මේ දක්වා පැවැති තරග 59 න් 6 ක ජය තමන් සතුකර ගැනීමට තර්ස්ටන් විදුහල සමත්ව ඇති අතර ඉසිපතන විදුහල ජයග්‍රහණය 4 කට හිමිකම් කියයි. තරග 48 ක්ම ජය පැරදුමෙන් තොරව නිමාවට පත්ව ඇති අතර එක් අවස්ථාවකදී තරගය අත්හැර දැමීමට සිදුව තිබේ.

පසුගිය වසර තුනේදීම (2000, 2001 සහ 2002) මෙම තරගය ජය පැරදුමෙන් තොරව නිමාවට පත්ව ඇති අතර ඉන් පෙර 2019 වසරේදී පැවැති තරගය ජයගැනීමට තර්ස්ටන් විදුහල සමත්ව ඇත. ඒ අනුව මේ වන විට ‘බ්ලැක්හැම් විජේවර්ධන’ කුසලාන තර්ස්ටන් විදුහල සතුව පවතී.

තර්ස්ටන් විදුහල් කණ්ඩායමේ ප්‍රභලම පිතිකරුවා ලෙස සැලකෙන නායක ශානික්‍ය දේශප්‍රිය මෙවර අන්තර් පාසල් තරග වාරයේදී ලකුණු 617 ක් රැස්කිරීමට සමත්ව සිටින අතර උප නායක විහස් දෙවව්මික ලකුණු 572 ක් රැස්කරමින් කඩුලු 68 ක් බිඳහෙළීමට සමත්ව ඇත. වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක තනුග පලිහවඩන මෙවර තරග වාරයේදී බිඳහෙළා ඇති කඩුලු සංඛ්‍යාව 52 කි.

ඉසිපතන විදුහල වෙනුවෙන් මෙවර අන්තර් පාසල් තරග වාරයේදී ලකුණු 401 ක් රැස්කිරීමට සමත්ව ඇත්තේ ශතකයක්ද සමගිනි. ඔහුට අමතරව යුනෙත් සෙනවිරත්න ලකුණු 305 ක්ද, නායක නවීන් කනිෂ්ක ලකුණු 290 ක්ද රැස්කරගෙන සිටිති. කඩුලු ලාභීන් අතර ඉදිරියෙන්ම සිටින සිතුම් ගුණවර්ධන සහ දසිත් සෙනාල් පිළිවෙලින් කඩුලු 26 ක් සහ 24 ක් බැගින් බිඳහෙළා ඇත.

මෙම මහ ක්‍රිකට් තරගයට සමගාමීව දෙවිදුහල් අතර එක්දින සහ විස්සයි-20 තරග දෙකක්ද පැවැත්වෙන අතර ඉන් 43 වැනි වරට සංවිධානය කෙරෙන එක්දින තරගය මාර්තු 5 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීද, 16 වැනි වරට සංවිධානය කෙරෙන විස්සයි-20 තරගය මාර්තු 25 වැනිදා තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේදීද පැවැත්වීමට නියමිතය.

 


තර්ස්ටන් විදුහල් කණ්ඩායම
ඉදිරි පෙළ වමේ සිට - කවිඳු ප්‍රභාත්, දිවිඳු නිෂාන්, දුමිල පෙරේරා මහතා (සහාය පුහුණුකරු), මාලක ජයසිංහ මහතා (ක්‍රීඩා භාර ආචාර්ය), ශානික්‍ය දේෂප්‍රිය (නායක), ප්‍රමුදිත වික්‍රමසිංහ මහතා (විදුහල්පති), විහස් තෙව්මික (උප නායක), හේෂාන් තිලකරත්න මහතා (පුහුණුකරු), මෙහොමඩ් අසීම් සහ තේනුක දේවප්‍රිය
පසු පෙළ වමේ සිට - තනූජ රාජපක්ෂ, රොෂාන් ජෙන්සන්, තනුග පළිහවඩන, ආදිත්‍ය සෙත්මින, යොවුන් ශිල්ප, නවිඳු ප්‍රනාන්දු, නිමන්ත හංසක, ගගන පෙරේරා, විෂ්ව ධනංජය, උමේෂ් පෙරේරා, රමික සොනාල්, ටලීෂ නානායක්කාර, නවිඳු ද අල්විස්, උදීප් එදිරිසිංහ, කෝසල බාලසූරිය සහ රචින්ත ද සිල්වා

 

ඉසිපතන විදුහල් කණ්ඩායම
ඉදිරි පෙළ වමේ සිට - දිලිප් ශ්‍රී විනෝජ් මහතා (සහාය පුහුණුකරු), තරුෂ තෙන්සර, සුමේද චානක මහතා, (ක්‍රීඩා පාලක), සිතුක ගුණවර්ධන (උප නායක), ඔෂාර පණ්ඩිතරත්න මහතා (විදුහල්පති), නවීන් කනිෂ්ක (නායක), ජානක සම්පත් මහතා (ක්‍රීඩා භාර ආචාර්ය), තේමිය ගුණරත්න සහ ප්‍රදීප් නිෂාන්ත මහතා (පුහුණුකරු)
පසු පෙළ වමේ සිට - මලීෂ සඳරුවන්, යෙසිත් කළුපහන, යනෙත් සෙනෙවිරත්න, පවර ගිම්හාන, සහන් විරාජ්, කෙවින් සැමුවෙල්, දුෂාන් මාලිංග, තරුෂ්ක අෂේල්, දසිත් සෙනාල්, ලසඳු කල්පගේ සහ සනිජ රහල්

 


අදහස් (0)

සහෝදරයන්ගේ සටන හෙට - අනිද්දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.