Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කිසියම් ඕස්ටේ‍්‍රලියානු කී‍්‍රඩකයකු තරගයක් අතරතුරදී සරදම් කරන්නේ නම් එය ප‍්‍රශංසාවක් සේ බාරගත යුතු බව එංගලන්ත පිලේ හිටපු නායකයකු මෙන්ම වත්මන් කණ්ඩායමේ පිතිහරඹ පුහුණුකරු ග‍්‍රැහැම් ගූච් මහතා කියයි.
එංගලන්තය සහ ඕස්ටේ‍්‍රලියාව අතර බි‍්‍රස්බේන්හිදී පැවැති පළමු ටෙස්ට් තරගය ඕස්ටේ‍්‍රලියානුවන් ජයගත් නමුත් එම තරගයේදී දෙපිලේම කී‍්‍රඩකයන් එකිනෙකාට නොමනා වදනින් සරදම් කිරීම නිසා ඒ පිළිබඳව කි‍්‍රකට් ලෝකයේ බලවත් අප‍්‍රසාදයක් ඇතිවෙමින් පවතී.
”උඹේ අත කඩා ගැනීමට ලෑස්ති වෙයන්” යයි කියමින් එංගලන්ත පිලේ කී‍්‍රඩකයකු වන ජේම්ස් ඇන්ඩසන්ට ඕස්ටේ‍්‍රලියානු නායක මයිකල් ක්ලාක් උසුළු විසුළු කළ ආකාරය කඩුල්ලේ සවිකර තිබූ මයික‍්‍රෆෝන් මගින් ග‍්‍රහණය කරගැනීම නිසා මයිකල් ක්ලාක්ට දඩගැසුම් පවා කෑමට සිදුවිය.
ඕස්ටේ‍්‍රලියානු වේග පන්දුයවන්නා වූ මිචෙල් ජොන්සන් හමුවේ එංගලන්ත පිතිකරුවෝ අසාර්ථක වූහ.
ටෙස්ට් තරග 118 ක් කී‍්‍රඩා කර ඇති, ටෙස්ට් ලකුණු 9000 සීමාව ඉක්මවා ගිය, ප‍්‍රවීණ පිතිකරුවකු වන ගුච් පවසන්නේ මේ සතියේදී ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගයේදී එංගලන්ත පිලට තව තවත් අසීරුතාවන්ට මුහුණ දීමට සිදුවිය හැකි බවයි. එවන් දේ සාමාන්‍ය වශයෙන් සිදුවන්නේ කී‍්‍රඩකයන් හොඳින් කී‍්‍රඩා කරන විට බවත් ඔහු පවසයි.
”කවුරුන් හෝ අපහාස මුඛයෙන් යමක් කියන විට මිනිසුන් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ආකාර කිහිපයක් තිබෙනවා”
”ඇතැමෙක් ඒවායින් තව තවත් දිරි ගනිමින් වඩාත් අධිෂ්ඨානශීලීව කී‍්‍රඩා කරනවා. ඒත් සමහර අය ඒවායින් කැළඹීමට පත්විය හැකියි..”
”ඒ කොහොම වුණත් සරදම් කරනවා කියන්නේ කිසියම් පිතිකරුවකුගේ අවධානය පන්දුවෙන් ඉවත් කරවාගැනීමයි..ඒ නිසා කිසිවකු සරදම් කරනවා කියන්නේ ඔබ හොඳින් කී‍්‍රඩා කරනවා කියන එකයි” යයිද ග‍්‍රැහැම් ගූච් මහතා පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.