සමූ අෂාන් ගේ (70 සහ 26/6) තුන් ඉරියව් දස්කම් නිසා අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට කොළඹ ආනන්ද විදුහල අද (21) සමත් විය.
කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (21) පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී ආනන්ද විදුහල් ක‍්‍රීඩකයෝ ලකණු 58 කින් මහනුවර ත‍්‍රිත්ව විදුහල පරාජය කිරීමට සමත් වූහ.
ජයග‍්‍රහණය සදහා ලකුණු 201 ක ඉලක්කය හඹාගිය ත‍්‍රිත්ව විදුහල් පිල ඕවර 45.5 කදී ලකුණු 142 කට සීමාවිය.
පිට දඟ පන්දු යවන සමූ අෂාන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 26 කට කඩුලූ 6 ක් දවා ගනිමින් ත‍්‍රිත්ව විදුහල් ඉනිමේ විනාශකරු බවට පත්විය.
මෙවර වයස 17 න් පහළ තරගාවලියේ පළමු කොටසේ මේ වන විටත් වීරයා බවට පත්ව සිටින සමූ අෂාන් පන්දු 70 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 70 ක් රැස්කරමින් ආනන්ද විදුහල ලකුණු 200 ක් දක්වා රැගෙන ඒමේ පූරෝගාමියා බවට පත්විය.
සමූ අෂාන් අර්ධ අවසන් පූර්ව තරගයේදී තර්ස්ටන් විදුහලට එරෙහිව ලකුණු 170 ක් රැස්කරමින් ආනන්ද විදුහල් පිලේ ගැලවුම්කරු බවට පත්විය.
| ලකුණු පුවරුව | |
| ආනන්ද විදුහල | |
| සහන් සුරවීර - ඇ. හසින්ත ප. තවෝන් | 15 |
| ඉදුවර රණතුංග - ඇ. හසින්ත ප. ඩිල්ෂාන්` | 4 |
| සමූ අෂාන් - ක. මූ. කළා ප. ශනෝගීත් | 70 |
| දුෂාන් හෙට්ටිගේ - ස්ටම්ප් පූර්ණ ප. බනුගෝබන් | 27 |
| අසෙල් සිගේරා - ඇ. කලන ප. බනුගෝබන් | 16 |
| සුපුන් වරාගොඩ - ඇ. පූර්ණ ප. හසින්ත | 26 |
| ළහිරු හිරන්‍ය - ප. ඩිල්ෂාන් | 9 |
| දමින්ද රිෂාන් - ප. ඩිල්ෂාන් | 0 |
| සනත් සමීර - ඇ. සුහයිබ් ප. ඩිල්ෂාන් | 1 |
| චංගු ජනුක - නොදැවී | 7 |
| අචිර එරංග - ඇ. සුහයිබ් ප. බනුගෝබන් | 10 |
| අතිරේක | 15 |
| එකතුව ඕවර 48.5 කදී සියලූ දෙනා දැවී | 200 |
| කඩුලූ වැටීම: | |
| 1-21(සහන් සුරවීර), 2-22(ඉදුවර රණතුංග), 3-100(දුෂාන් හෙට්ටිගේ), 4-126(අසෙල් සිගේරා), 5-150(සමූ අෂාන්), 6-171(ළහිරු හිරන්‍ය), 7-171(දමින්ද රිෂාන්), 8-180(සනත් සමීර), 9-183(සුපුන් වරාගොඩ), 10-200(අචිර එරංග) | |
| පන්දු යැවීම: | |
|
රෂ්මික ඩිල්ෂාන්: 10-1-27-4, තවෝන් පර්සිවෙල්: 7-0-33-1, ශන්මුගනාදන් ශනෝගීත්: 10-0-28-1, හසිත බෝයගොඩ: 9-0-53-1, ත්‍යාගරාජා බනුගෝබන්: 7.5-0-36-3, ශෂ්මිත වෛද්‍යතිලක: 5-0-22-0 |
|
| ත‍්‍රිත්ව විදුහල | |
| ශන්මුගනාදන් ශනෝගීත් - ඇ. සුපුන් ප. දුෂාන් | 19 |
| හසින්ත ජයසූරිය - ඇ සමූ ප. අසෙල් | 11 |
| කලන ද සොයිසා - ප. සමූ | 4 |
| පූර්ණ වනසේකර - ක. මූ. කළා ප. අසෙල් | 0 |
| හසිත බෝයගොඩ - ඇ. චංගු ප. සුපුන් | 15 |
| චානුක බණ්ඩාර - ප. සමූ | 7 |
| ත්‍යාගරාජා බනුගෝබන් - ක. මූ. කළා ප. සමූ | 19 |
| තවෝන් පර්සිවෙල් - ඇ. සුපුන් ප. සමූ | 36 |
| රෂ්මික ඩිල්ෂාන් - ඇ. සහන් ප. සමූ | 15 |
| ශෂ්මිත වෛද්‍යතිලක - ස්ටම්ප් ළහිරු ප. සමූ | 7 |
| මොහොමඞ් සුහයිබ් - නොදැවී | 3 |
| අතිරේක | 6 |
| එකතුව ඕවර 45.5 කදී සියලූ දෙනා දැවී | 142 |
| කඩුලූ වැටීම: | |
|
1-34(ශන්මුගනාදන් ශනෝගීත්), 2-34(හසින්ත ජයසූරිය), 3-38(පූර්ණ වනසේකර), 4-40(කලන ද සොයිසා), 5-52(චානුක බණ්ඩාර), 6-63(හසිත බෝයගොඩ), 7-94(ත්‍යාගරාජා බනුගෝබන්), 8-126(රෂ්මික ඩිල්ෂාන්), 9-136(තවෝන් පර්සිවෙල්), 10-142(ශෂ්මිත වෛද්‍යතිලක) |
|
| පන්දු යැවීම: | |
| සහන් සුරවීර: 4-0-12-0, දුෂාන් හෙට්ටිගේ: 4-0-22-1, අසෙල සිගේරා: 9-2-23-2, සමූ අෂාන්: 7.5-2-26-6, සුපුන් වරාගොඩ: 6-3-25-1, දමින්ද රිෂාන්: 10-4-21-0, චංගු ජනුක: 2-0-5-0, අචිර එරංග: 3-0-8-0 | |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.