(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් මෙහෙයවනු ලබන වයස අවුරුදු 13 න් පහළ දෙවැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට කොළඹ රාජකීය විද්‍යාලය ‘බී’ කණ්ඩායම සමත්විය.
මහර බන්ධනාගාර ක්‍රීඩාංගණයේ පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයේදී කොළඹ රාජකීය විද්‍යාලය ‘බී’ කණ්ඩායම විසින් වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ වාර්තා කරන ලදි.
කොළඹ රාජකීය විද්‍යාලයේ සමිත් දිනුෂාන් ලකුණු 20 කට කඩුලු 5 ක් දවාලූ අතර පිත්තෙන් ලකුණු 67ක් රැස් කළේය.
වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලය - පළමු ඉනිම -ඕවර 35.1 කදී සියලු දෙනා දැවී 71 යි
(සවේන් දම්සන 37, සමිත් දිනුෂාන් 20/5, දෙව්මිත් හංසන 24/3, සෙනුත් කහඳව 12/2)
කොළඹ රාජකීය විද්‍යාලය ‘බී’ කණ්ඩායම - පළමු ඉනිම -ඕවර 49.3 කදී 178 යි
(සමිත් දිනුෂාන් 67, සෙනුත් කහඳව නොදැවී 27, ඉසුජ ගුණසේන 20, රුවනිඳු රත්නායක 20, ඉඳුවර පෙරේරා 25/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.