Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සදෙව් - දිනෙත් අර්ධ ශතක ලබති
නිල් මහ සටන

සදෙව් - දිනෙත් අර්ධ ශතක ලබති

editorial - 2024 මාර් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර 145 වැනි වරට පැවැත්වෙන ‘නිල් මහ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයේ පළමු දිනය වූ ඊයේ (7 වැනිදා) පළමුවෙන් පන්දුවට පහරදුන් සාන්ත තෝමස් විදුහල සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 297 ක් ලබාගත්තේය. 

කොළඹ එස්.එස්.සී. ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයේදී සාන්ත තෝමස් විදුහල වෙනුවෙන් ආරම්භක පිතිකරු සදෙව් සොයිසා (83) සහ දිනෙත් ගුණවර්ධන (50) අර්ධ ශතක ලබාගත් අතර සාන්ත තෝමස් ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 58 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඔවුන් දෙදෙනා සමත් වූහ. 

සදෙව්ගේ අර්ධ ශතකය හතරේ පහර 11 කින් සමන්විත වූ අතර දිනෙත්ගේ අර්ධ ශතකයට හතරේ පහර 8 ක් ඇතුළත් විය. නේතන් කල්දේරා හතරේ පහර 5 ක් සමග ලකුණු 44 ක්ද, නායක මහිත් පෙරේරා හතරේ පහර 4 ක් සමග ලකුණු 36 ක්ද රැස්කරමින් සාත්න තෝමස් ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. 

එහිදී දක්ෂ පන්දු යැවීම්හි නිරත වූ රමිරු පෙරේරා ලකුණු 55 කට කඩුලු 4 ක්ද, සිනෙත් ජයවර්ධන ලකුණු 68 කට කඩුලු 4 ක්ද බිඳහෙළමින් සාන්ත තෝමස් පිතිකරුවන් පීඩනයට පත්කළහ. 

සාන්ත තෝමස් විදුහල් පළමු ඉනිම - ඕවර 88.2 කදී සියලු දෙනා දැවී 297 
(සදෙව් සොයිසා 83, දිනෙත් ගුණවර්ධන 50, මහිත් පෙරේරා 36, තිසෙන් ඇහැළියගොඩ 16, නේතන් කල්දේරා 44, ආකාෂ් ප්‍රනාන්දු 29, රමිරු පෙරේරා 55/4, සිනෙත් ජයවර්ධන 68/4) 

(ඡායාරූප - ගයාන් අමරසේකර)


අදහස් (0)

සදෙව් - දිනෙත් අර්ධ ශතක ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.