සචින් සිල්වා පෙරමුණ රැකගනී
‘ඩයලොග් 4G - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනප්‍රියම පාසල් ක්‍රීඩකයා තේරීමේ තරගයේ (2018) සිවුවැනි සතිය නිමාවන විට ඡන්ද 271 ක් ලබා ගනිමින් තවදුරටත් සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණ රැකගැනීමට කොළඹ ශාන්ත පීතර විදුහලේ සචින් සිල්වා සමත්ව සිටියි. ගෙවී ගිය සතිය තුළදී ඔහු ලබා ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 146 කි.
තෙවැනි සතිය නිමා වන විට ඡන්ද 9 ක් ලබා සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ 9 වැන් ස්ථානයේ රැදී සිටි ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ ඩෙලන් පීරිස් ගෙවී ගිය සතිය තුළදී ඡන්ද 204 ක් ලබාගනිමින් එම කාණ්ඩයේ දෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබේ.
මේ වන විට මුලු ඡන්ද 213 ක් ලබා සිටින ඩෙලන් සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පැමිණීමත් සමග එතෙක් එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ රැදී සිටි කොළඹ ලුම්බිණි විදුහලේ කවීන් පීරිස් තෙවැනි ස්ථානය දක්වා පසුබැස තිබේ. ගෙවී ගිය සතිය තුළදී ලබාගත් 56 ත් සමගින් කවීන් පීරිස් මේ වන විට මුලු ඡන්ද 161 ක් ලබා සිටියි.
මහනුවර ධර්මරාජ විදුහලේ දුලාජ් බණ්ඩාර සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ කළණ පෙරේරා පිළිවෙලන් ඡන්ද 104 ක් සහ 65 ක් බැගින් ලබා සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ සිවුවැනි සහ පස්වැනි ස්ථාන හිමිකර ගෙන සිටිති.
පානදුර ශ්‍රී සුමංගල විදුහලේ රවීන් යසස් ඡන්ද 109 ක් ලබාගනිමින් නැගී එන කාණ්ඩයේ පෙරමුණ ගෙන ඇති අතර රත්ගම දේවපතිරාජ විදුහලේ කවීෂා දිල්හාරි බාලිකා පාසල් කාණ්ඩයේ පෙරමුණ ගෙන ඇත්තේ ඡන්ද 37 ක් ලබාගනිමිනි.
මෙම තරගයට අදාළ කූපන්පත් විජය පුවත්පත් සමාගමේ ලංකාදීප, අද, ඬේලි මිරර් සහ ඬේලි එෆ්.ටී. යන දිනපතා පුවත්පත්වලද, ‘සන්ඬේ ටයිම්ස්’ සහ ‘දේශය’ යන සති අන්ත පුවත්පත්වලද අන්තර්ගත වේ. තමන් කැමතිම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වෙනුවෙන් මනාප පළ කිරීම සඳහා ලබන වසරේ අප්‍රේල් මාසය දක්වා පාඨකයන්ට අවස්ථාව තිබේ.
www.dialog.lk/cricket/register යන වෙබ් අඩවියට පිවිසීමෙන් පාසල් ක්‍රීඩකයන්ට සහ ක්‍රීඩිකාවන්ට ලියාපදිංචි විය හැකිය. තමන් කැමතිම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාවට අන්තර් ජාලය හරහා මනාප පළ කිරීමේ අවස්ථාව නොවැම්බර් මස 1 වැනිදා සිට ආරම්භ වන නමුත් නොවැම්බර් මස 30 වැනිදා දක්වා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි විය හැකිය.
කූපන්පත් මගින් යොමු කෙරෙන මනාප සහ අන්තර් ජාලය මගින් පළකරන මනාප සතිපතා ගණනය කෙරෙන අතර එහි නිල ප්‍රතිඵල ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ මෙන්ම ‘සන්ඬේ ටයිම්ස්’ වෙබ් අඩවියේද ‘ලංකදීප’ පුවත් පතේ සහ ‘කෙළිමඬළ’ වෙබ් අඩවියේත් පළකෙරේ.
පාඨකයන් වෙනුවෙන් පැවැත්වෙන තරගයේ පසු ගිය සතියේ ජයග්‍රාහකයෝ
1 බී. කේ. ගුණසේකර, 26/1, දුම්රිපෙළ පාර, නුගේගොඩ
2 මිලාන් අලහකෝන්, 175/17ජේ, වීර මාවත, දෙපානම පන්නිපිටිය
3 නාතන් අමත්, 40/41, කටුවාවෙල පාර, මහරගම
4 ෆලීල් බූසෝ, 443/2, ශාන්ත රිටා පාර, දළුවාකොටුව, කොච්චිකඬේ
-036