Last Update  :  2025-12-24 13:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ෂිලාත් සික්සර්ස් පෙරමුණට

ෂිලාත් සික්සර්ස් පෙරමුණට

ශනුක අරවින්ද - 2017 නොවැ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තරග 42 කින් සමන්විත බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුලික වටයේ තරග 8 ක් අවසන් වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ෂිලාත් සික්සර්ස් කණ්ඩායම සමත්ව තිබේ. මේ වන විට තරග 4 කට සහභාගි වී ඇති ෂිලාත් සික්සර්ස් කණ්ඩායම ඉන් තරග 3 ක් ජයගෙන තරගයක් පරාජය වී හිමි කරගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 6 කි.

නසිර් හුසේන්ගේ නායකත්වයෙන් යුත් ෂිලාත් සික්සර්ස් කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ වන උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, දසුන් ශානක, වනිඳු හසරංග සහ චතුරංග ද සිල්වා ක්‍රීඩා කරති.

ඩකා ඩයිනමයිට්ස්, කොමිලා වික්ටෝරියන්ස් සහ රාංග්පූර් රයිඩර්ස් යන කණඩායම් 3 ම එක් තරගය බැගින් ජයගෙන ප්‍රසාද ලකුණු 2 බැගින් ලබා සිටින අතර දල ලකුණු වේගය අනුව එම කණ්ඩායම් 3 පිළිවෙලින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි, තෙවැනි සහ සිවුවැනි ස්ථාන වල රැදී සිටියි.

එහිදී කුමාර් සංගක්කාර ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන අතර තිසර පෙරේරා, කුසල් පෙරේරා, නුවන් කුලසේකර සහ ලසිත් මාලිංග රාංග්පූර් රයිඩර්ස් කණ්ඩායමට ක්‍රීඩා කරති.

පිට පිටම ලබාගත් අර්ධ ශතක 3 ක් සමගින් තරග 4 කදී ලකුණු 196 ක් ලබා සිටින ෂිලාත් සික්සර්ස් කණ්ඩායමේ උපුල් තරංග මෙතෙක් පැවැති තරග වලදී වැඩිම ලකුණු ලාභින් අතර පෙරමුණේ පසුවෙයි. ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායමට එරෙහිව ලබාගත් ලකුනු 69 තරංග මෙම තරගාවලියේදී මෙතෙක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් වේ.

ෂිලාත් සික්සර්ස් කණ්ඩායමේ ලයාම් ප්ලන්කට් මෙතෙක් තරග වලදී වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණේ පසුවන අතර තරග 3 කදී ඔහු දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 6 කි. මෙතෙක් ඔහුගේ හොඳම පන්දුයැවීම ලෙස සටහන් වන්නේ රාජෂාහි කිංග්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 29 කට කඩුලු 3 ක් දවාගැනීමයි.

ඩකා ඩයිනමය්ට්ස් කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක කුමාර් සංගක්කාර, උඩපන්දු 3 ක් රැකගනිමින් වැඩිම දවාගැනීම් සංඛ්‍යාවකට දායක වූ ක්‍රීඩකයා ලෙස මේ වන විට ඉදිරියෙන් සිටියි.  

 

-036

 


අදහස් (0)

ෂිලාත් සික්සර්ස් පෙරමුණට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.