Last Update  :  2025-12-24 13:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ෂිලාත් පිලේ අපරාජිත බව බිඳවැටෙයි

ෂිලාත් පිලේ අපරාජිත බව බිඳවැටෙයි

ශනුක අරවින්ද - 2017 නොවැ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශයේ පැවැත්වෙන බී.පී.එල්. විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ෂිලාත් සික්සර් කණ්ඩායම සහ කුල්නා ටයිටනස් කණ්ඩායම අතර ෂිලාත්හිදී ඊයේ (8 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 6 ක ජයක් අත්කර ගැනීමට කුල්නා ටයිටනස් කණ්ඩායම සමත් විය. මෙම පරාජයත් සමග තරගාවලිය ආරම්භයේ සිට මේ දක්වා පිට පිටම තරග 3 ක් දිනා සිටි ෂිලාත් සික්සර් කණ්ඩායමේ අපරාජිත බව බිඳවැටිණ.

ජයග්‍රහණය සඳහා ලකුණු 136 ක ඉලක්කයක් හඹා ගිය කුල්නා ටයිටනස් කණ්ඩායම කණ්ඩායම පන්දු 12 ක් ඉතිරිව තිබියදී කඩුලු 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.

එහිදී පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 28 කදී ලකුණු 45 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගූ මයිකල් ක්ලිංගර් (නොදැවී 47) සහ කාර්ලෝස් බ්‍රැත්වේට් (නොදැවි 23) කුල්නා ටයිටනස් කණ්ඩායම  ජයග්‍රහණය කරා රැගෙන ගියහ. පන්දු 36 කදී වාර්තා වූ ක්ලිංගර්ගේ ඉනිමට හතරේ පහරක් ඇතුළත් වූ අතර පන්දු 16 කදී වාර්තා වූ බ්‍රැත්වේට්ගේ ඉනිමට හයේ පහර 2 ක් ඇතුළත් විය.

දක්ෂ පන්දුයැවීමක නිතර වූ තයිජුල් ඉස්ලාම් ලකුණු 19 කට කඩුලු 3 ක් දවාගැනීමට සමත් වුවද, සිය කණ්ඩායම පරාජයෙන් ගළවාගැනීමට ඔහුට නොහැකි විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ෂිලාත් සික්සර් කණ්ඩායම වෙනුවෙන් වේගවත් පිතිහරඹයක නිතර වූ නායක නසිර් හුසේන් පන්දු 35 කදී නොදැවී ලකුණු 47 ක් රැස්කළේ හතරේ පහර 5 ක් සමගිනි.

ෂිලාත් සික්සර් ඉනිම ගොඩනැගීම සඳහා නසිර්ට අනගි සහායක් දුන් ධනුෂ්ක ගුණතිලක හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 26 ක්ද, රොස් වයිට්ලි හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 27 ක්ද රැස්කළහ. පන්දු 24 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 26 ක් රැස්කළ උපුල් තරංග ෂිලාත් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන්නේය.

ෂිලාත් සික්සර් පිල - ඕවර 20 කදී කඩුලු 5 කට 135
(උපුල් තරංග 26, ධනුෂ්ක ගුණතිලක 26, නසිර් හුසේන් නොදැවී 47, රොස් වයිට්ලි 27, මහමදුල්ලා 12/2, ජොෆ්‍රා ආචර් 25/2)

කුල්නා ටයිටන්ස් පිල - ඕවර 18 කදී කඩුලු 4 කට 138
(මයිකල් ක්ලිංගර් නොදැවී 47, රිලී රොස්සොව් 19, මහමදුල්ලා 27, කාර්ලෝස් බ්‍රැත්වේට් නොදැවී 23, තයිජුල් ඉස්ලාම් 19/3)

-036


අදහස් (0)

ෂිලාත් පිලේ අපරාජිත බව බිඳවැටෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.