Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශූරතාව වික්‍රමශිලා ජාතික පාසලට

ශූරතාව වික්‍රමශිලා ජාතික පාසලට

editorial - 2023 දෙසැ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහයෙන්, ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් මෙහෙයවනු ලබන අන්තර් පාසල් අවුරුදු 19න් පහළ (බාලිකා) II වැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසල විසින් දිනාගන්නා ලදි. සෙනසුරාදා (23 වැනිදා) වික්‍රමශිලා ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහා තරගයේදී වික්‍රමශිලා ජාතික පාසල විසින් ලකුණු 11 කින් උහන ජාතික පාසල් කණ්ඩායම පරාජය කරන ලදි. 

දිවයිනේ ප්‍රදේශවලින් කණ්ඩායම් 69 ක් මෙම තරගාවලියට සහභාගි වූහ.

ත්‍යාග ප්‍රදානෝත්සවයට ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති තිලක් වත්තුහේවා සහ බාලිකා පාසල් තරගාවලියේ ලේකම්වරයා වන කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පතිනි කීර්ති ගුණරත්න යන මහත්වරු සහභාගි වූහ.

 

ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසල -ඕවර 25 කදී කඩුලු 4 ට 178 
(අෂානි කෞෂල්‍යා 66, පව්නි චමෝද්‍යා 31, දිලංජි නිකේෂා නොදැවී 21) 

උහන ජාතික පාසල - ඕවර 25 කදී කඩුලු 7 ට 166 යි
(ප්‍රමුදි මෙත්සරා 48, සචිනි කෞෂල්‍යා 35, අයෝද්‍යා සෙව්වන්දි 31/3, අශානි කෞෂල්‍යා 16/2)

- 213


අදහස් (0)

ශූරතාව වික්‍රමශිලා ජාතික පාසලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.