ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවති එක්දින තරගාවලිය 2-3 ක් ලෙසින් පරාජය වීමෙන් පසු අන්තර්ජාතික එක්දින කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීම් අතරේ ශී‍්‍ර ලංකා කණ්ඩායම එක් ස්ථානයක් පහළට වැටී තිබේ.
තරගාවලිය ආරම්භ වීමට පෙර ශී‍්‍ර ලංකා පිල ප‍්‍රසාද ලකුණු 110 ක් සහිතව සිව්වැනි ස්ථානයේ සිටියද තරගාවලිය පරාජය වීම නිසා ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 108 ක් වීමෙන් පස්වැනි ස්ථානය දක්වා ඇද වැටී තිබේ.
තරගාවලිය ජයගත් පාකිස්තානය ප‍්‍රසාද ලකුණු 1 ක් එක්කරගත් නමුත් ස්ථානයක් ඉහළ නැගීමට එය ප‍්‍රමාණවත් වී නැත.
| ස්ථානය | කණ්ඩායම | ප‍්‍ර.ල | වෙනස |
| 1 | ඉන්දියාව | 120 | |
| 2 | ඕස්ටේ‍්‍රලියාව | 114 | |
| 3 | එංගලන්තය | 111 | |
| 4 | ද. අපි‍්‍රකාව | 110 | |
| 5 | ශී‍්‍ර ලංකාව | 108 | (-2) |
| 6 | පාකිස්තානය | 101 | (+1) |
| 7 | බ.ඉ. කොදෙව් | 91 | (+1) |
| 8 | නවසීලන්තය | 84 | (-1) |
| 9 | බංගලාදේශය | 83 | |
| 10 | සිම්බාබ්වේ | 55 | |
| 11 | අයර්ලන්තය | 38 | |
| 12 | නෙදර්ලන්තය | 13 | |
| 13 | කෙන්යාව | 10 | |
| ප‍්‍ර.ල - ප‍්‍රසාද ලකුණු |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.