Last Update  :  2025-07-05 21:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශානුක ලකුණු 1,000 සම්පූර්ණ කරයි

ශානුක ලකුණු 1,000 සම්පූර්ණ කරයි

සංජය එරමුදුගොඩ - 2014 පෙබ මස 03 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

මොරටුව වේල්ස් කුමර විදුහලේ ශානුක දුලාජ් මෙවර වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේදී ලකුණු 1,000 ක් සම්පූර්ණ කිරීමට සමත් වූ පළමු ක‍්‍රීඩකයා බවට පත්විය. කදාන මැසිනොද් විදුහලට එරෙහිව කදානේදී පැවැති තරගයේදී ශානුක 24 වැනි ලකුණු ලබා ගැනීමත් සමග ලකුණු 1,000 සම්පූර්ණ කළේය.

ශානුක මේ වන විට තරග 12 කදී ලකුණු 1,010 ක් රැස්කර සිටියි. මෙයට ශතක තුනක් සහ අර්ධ ශතක හයක් ඇතුළත් වේ.

බම්බලපිටිය ශාන්ත පීතර විදුහලට එරෙහිව රැස්කළ ලකුණු 178 ශානුකගේ හොඳම ඉනිම වේ. ඔහු අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලට එරෙහිව ලකුණු 127 ක්ද සහ තර්ස්ටන් විදුහලට එරෙහිව නොදැවී ලකුණු 113 ක්ද රැස් කළේය.

වමතින් පා දඟ පන්දු යවන ශානුක මෙම තරග වාරයේදී කඩුලූ 33 ක් දවා ගැනීමට සමත්ව සිටියි. ශානුක පසුගිය වසරේ ද තුන් ඉරියව් දස්කම් දක්වමින් ලකුණු 975 ක් රැස්කරමින් කඩුලූ 70 ක් දවා ගත්තේය.

ශ්‍රී ලංකා වයස 19 න් පහළ ලෝක කුසලාන සංචිතය ද ඇතුළත්ව සිටි ශානුක ශ්‍රී ලංකා වයස 17 න් පහළ පිල නියෝජනය කළේය.

ශානුකගේ පාසල් පුහුණුකරු ලෙස 90 දශකයේ මුල භාගයේ ශ්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් පිටියේ ප‍්‍රබල පා දඟ පන්දුයවන්නකුව සිටි සුරංග විජේනායක මහතා කටයුතු කරයි.

 


අදහස් (2)

ශානුක ලකුණු 1,000 සම්පූර්ණ කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.