අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ හලාවත ශාන්ත මරියා විදුහල සහ ජා ඇල ක්‍රිස්තු රාජ විදුහල අතර හලාවත නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් ලකුණු 33 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත මරියා විදුහල සමත් විය.
එහිදී ශාන්ත මරියා විදුහල වෙනුවෙන් ෂෙනොල් අප්පුහාමි ලකුණු 20 කට කඩුලු 4 ක්ද, ක්‍රිස්තු රාජ විදුහල වෙනුවෙන් රෂ්මික හිරුශාන් ලකුණු 30 කට කඩුලු 4 ක්ද දවාගත්හ.
ශාන්ත මරියා විදුහල - ඕවර 41.4 කදී සියලු දෙනා දැවී 157
(ෂෙනොල් අප්පුහාමි 39, අකීඩ් ෆෙරොස් 37, සවීන් වීරසුරිය 22, රෂ්මික හිරුශාන් 30/4, ක්‍රිශාන් රාජ්කුමාර් 16/2)
ක්‍රිස්තු රාජ විදුහල - ඕවර 28.3 කදී සියලු දෙනා දැවී 124
(රෂ්මික හිරුශාන් 47, දර්ශන චතුරංග 24, ෂෙනොල් අප්පුහාමි 20/4, දිමුතු අනුහස් 27/2, නමිඳු තත්සර 35/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.