Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශාන්ත බෙනඩික්ට් ක්‍රීඩකයෝ පළමු ජයග්‍රහණය ලබාගනිති
ජේම්ස් කාට්මන් කුසලාන

ශාන්ත බෙනඩික්ට් ක්‍රීඩකයෝ පළමු ජයග්‍රහණය ලබාගනිති

editorial - 2024 පෙබ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වමතින් දඟපන්දු යවන මෙවන් දිසානායකගේ විශිෂ්ට පන්දු යැවීම නිසා වෙස්ලි විදුහලට එරෙහිව ලකුණු 46 ක ජයක් අත්කරගත් ශාන්ත බෙනඩික්ට් ක්‍රීඩකයෝ සෙනසුරාදා (24 වැනිදා) කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති වාර්ෂික ක්‍රිකට් තරගය ජයගත්හ. වසර ගණනාවක් පුරා දෙවිදුහල් අතර පැවැති තරගාවලිය වසර තුනකට පෙර ‘ජේම්ස් කාට්මන් කුසලාන’ තරගය ලෙසින් හඳුන්වා දීමෙන් පසුව ශාන්ත බෙනඩික්ට් විදුහල ජයගත් පළමු අවස්ථාව මෙයයි. 

මෙවන් දිසානායක තරගයේ ඉනිම දෙකේදීම ලකුණු 69 කට කඩුලු 9 ක් දවා ගනිමින් විශිෂ්ට දස්කම් දැක්වූයේය. මෙම තරගය බෙහෙවින් අඩු ලකුණු සංඛ්‍යාවක් වාර්තා වූ තරගයකි. දෙපිලේම පිතිකරුවන් කිසිවකුට අර්ධ ශතකයක් ලබා ගැනීමට නොහැකි වූ අතර පිතිකරුවකු ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව වූයේ ශාන්ත බෙනඩික්ට් පිලේ ස්ටීව් අර්ෂාන් ලකුණු 42 ක් ලබා ගැනීමයි. 

තරගයේ දෙවැනි දිනයේදී කඩුලු 8 කට ලකුණු 122 ක් ලබා සිටි වෙස්ලි විදුහල සිය පළමු ඉනිම අත්හිටවූ නමුත් සිය මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 150 ක් ලබා සිටි ශාන්ත බෙනඩික් විදුහලට මුල් ඉනිමේ වාසිය ඉතිරි විය. ශාන්ත බෙනඩික්ට් සිය දෙවැනි ඉනිමේදී ලකුණු 38 කට කඩුලු 5 ක් අහිමි කරගත් නමුත් සාර්ථක සබඳතා දෙකකින් පසුව ඔව්හු ලකුණු 110 ක් ලබාගත්හ. 

වෙස්ලියානුවන්ගේ ඉලක්කය වූයේ ලකුණු 139 කි. ලකුණු 47 කට කඩුලු 5 ක් දැවී අසීරු තත්ත්වයකට පත්ව සිටි වෙස්ලියානුවන්ට හිස් එසවීමට අවසර නොදුන් මෙවන් දිසානායක (26/4) ප්‍රමුඛ ශාන්ත බෙනඩික්ට් පන්දු යවන්නෝ තම ප්‍රතිවාදීන්ගේ ඉනිම ලකුණු 92 කට අවසන් කරමින් ලකුණු 46 ක ජයක් අත්පත් කරගත්හ. 


ශාන්ත බෙනඩික්ට් විදුහල - පළමු ඉනිම 150 යි
(ස්ටීව් අර්ෂාන් 42, ජේ. නන්දසේන 30, ශාරුජන් ශන්මුගනාදන් 29, එල්. සුබසිංහ 40/4, එස්. අමරසිංහ 45/4)

වෙස්ලි විදුහල - පළමු ඉනිම කඩුලු 8 ට 122 යි
(බී. ප්‍රනාන්දු 20, එල්. සුබසිංහ 20, එල්. සෙනුජ 13, ඒ. පහන්සර 28, ආර්. තරංග නොදැවී 21, වයි. එදිරිසිංහ 38/2, මෙවන් දිසානායක 43/5)

ශාන්ත බෙනඩික්ට් විදුහල - දෙවැනි ඉනිම 110 යි
(එස්. පීරිස් 13, එන්. ප්‍රනාන්දු 18, ස්ටීව් අර්ෂාන් 12, වී. රත්නායක නොදැවී 20, එස්. අමරසිංහ 54/3, යූ. පෙරේරා 34/6)

වෙස්ලි විදුහල - දෙවැනි ඉනිම 92 යි
(බී. ප්‍රනාන්දු 18, එල්. සුබසිංහ 12, ඒ. පහන්සර 10, එල්. සෙනුජ නොදැවී 18, ආර්. තරංග 12, එන්. ලියනගේ 11, ඒ. ගජනායක 28/2, වයි. එදිරිසිංහ 20/2, මෙවන් දිසානායක 26/4, වී. රත්නායක 11/2)

- 213


අදහස් (0)

ශාන්ත බෙනඩික්ට් ක්‍රීඩකයෝ පළමු ජයග්‍රහණය ලබාගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.