Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශාන්ත පැට්‍රික් විදුහල ඉනිමකින් ජය ලබයි

ශාන්ත පැට්‍රික් විදුහල ඉනිමකින් ජය ලබයි

editorial - 2023 පෙබ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

යාපනය ශාන්ත පැට්‍රික් විදුහල සහ වඩ්ඩුක්කෝඩ්ඩායිහි යාපනය විදුහල අතර පැවැති ‘රන් සටන’ මහ ක්‍රිකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 23 ක ජයක් වාර්තා කිරීමට ශාන්ත පැට්‍රික් විදුහල සමත් විය.

වඩ්ඩුක්කෝඩ්ඩායිහි යාපනය විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත පැට්‍රික් ක්‍රීඩකයෝ, කඩුලු 9 ක් දැවී ලකුණු 272 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවා යාපනය විදුහල් කණ්ඩායමට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කළේය.

යාපනය විදුහල් පළමු ඉනිම ලකුණු 70 කට සීමා කළ ශාන්ත පැට්‍රික් පන්දු යවන්නෝ, දෙවැනි ඉනිමද ලකුණු 179 කට සීමා කරමින් ඉනිමක ජයක් ලැබූහ. එහිදී කේ සරුෂාන් ලකුණු 61 කට කඩුලු 7 ක් බිඳහෙළමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


ශාන්ත පැට්‍රික් විදුහල් පළමු ඉනිම - කඩුලු 9 ක් දැවී 272
(ඩී. අභිලාෂ් 55, එස්. සමින්තන් නොදැවී 50, අයි. ජෙශ්‍රීඛාන් 44, ආර්. ශියාන්සන් 31, එම්. සොව්ත්ජාන් 31, පී. මතුෂාන් 26, බී. බෘන්තාන් 38/2, ටී. රොයිස් ජෙන්සන් 56/2, එස්. නර්තනාන් 70/2)

යාපනය විදුහල් පළමු ඉනිම - සියලු දෙනා දැවී 70
(එස්. මතුෂාන් 24, එම්. සොව්ත්ජාන් 14/4, කේ. සරුෂාන් 16/4)

යාපනය විදුහල් දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 179
(එස්. මතුෂාන් 59, එස්. නර්තනාන් 22, බී. බෘන්තාන් 21, ඩී. අභිලාෂ් 26/3, වී. ප්‍රියන්කන් 36/2, කේ. සරුෂාන් 45/3)

-036

 


අදහස් (0)

ශාන්ත පැට්‍රික් විදුහල ඉනිමකින් ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.